ඇමෙරිකා ඉරාන යුද්ධය අවසන් වීමට "ඉතා ආසන්න" බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ඒ, 'මෝනින්ග්ස් විත් මරියා' වැඩසටහන සඳහා ෆොක්ස් බිස්නස් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.

ඉකුත් සති අන්තයේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැති සාකච්ඡා ඇනහිටීමෙන් පසුව, එක්සත් ජනපද නිලධාරීන් සහ ඉරාන සාකච්ඡාකරුවන් අතර සාම සාකච්ඡා යළි ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන පසුබිමක ජනාධිපතිවරයා මෙසේ අදහස් පළ කිරීම විශේෂත්වයකි.

පසුගිය සතියේ ඉරානයට බෝම්බ හෙළීම නැවැත්වීමට එක්සත් ජනපදය එකඟ වීමෙන් පසුව, ගැටුමේ නව තීව්‍රතාවයක් සනිටුහන් කරමින් ට්‍රම්ප් සඳුදා සියලුම ඉරාන වරායන් වෙත නාවික අවහිරතාවයක් පැනවීමක් කර ඇත. යුද්ධය අවසානයට ආසන්න බව ට්‍රම්ප් පැවසුවද, ඇමෙරිකාවේ මෙහෙයුම් තවමත් අවසන් වී නොමැති බවද ට්‍රම්ප් අවධාරණය කර ඇත.