IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


යතුරුපැදි පෙම සැමියාට අහිමි කරයි

තමන්ට වඩා යතුරුපැදියට පෙම්බැඳි ඇතැයි සැමියා කෙරෙහි කෝප ඉපිදවූ බ්‍රිතාන්‍ය බිරිදක් ඔහුටත් හොරෙන් එය අන්තර්ජාලයේ විකිණීමට යයි.

ඇයගේ වෙළද දැන්වීමෙහි ඇය යතුරු පැදිය හදුන්වාදී ඇත්තේ වැඩකට නැති යකඩ ගොඩක් ලෙසටය.වැඩ නිමවී නිවසට පැමිණි පසු තම සැමියා කරන එකම කාර්යය එයට සාත්තු සප්පායම් කිරීම පමණක් බවද,එයට අමතරව එක් කර ඇති අංගෝපාංග මිලට ගැනීමට වැය කරනුයේ නිවසට ඇවැසි බඩු බාහිරාදිය ගැනීමට,වාර්ෂිකව විනෝද චාරිකාවක් යාමටත්,තමන් ඉතිරි කරගෙන සිටි මුදල් බවත් ඇය කියන්නීය.

ඇයගේ වෙළද දැන්වීමට ලැබී ඇති ප‍්‍රතිචාර අතර විවාහ යෝජනාද වේ.වෙළද දැන්වීම ඇයගේ සැමියාද දැක තිබෙන බව සදහන්වේ.

ඔහු පවසා ඇත්තේ ඇදුම් පැළදුම් හා ආයිත්තම් වලට ඇය ඇලූම් කරන්නාක් මෙන් තමන් යතුරු පැදිවලට ඇලූම් කිරීම තම බිරිද තේරුම්ගෙන නොමැති බවයි.

 

 



අදහස් (0)

යතුරුපැදි පෙම සැමියාට අහිමි කරයි

ජෝසේෆ් Sunday, 16 March 2014 12:08 PM

තමන්ගේ වාහනේට ආදරය කරන කෙනා ගෙදරට ආදරේ නැහැ වගේම ගෙදර බිරිඳට දරුවන්ට ආදරය කරන කෙනාට වහනය ගෙන බලන්න වෙලාවක් නැහැ.හිතල බලන්න ඕන තරම් එහෙම පවුල් අප අතර ඉන්නවා.(දිල්)

:       0       0

සිරි Sunday, 16 March 2014 01:53 PM

හැබැයි ඉතින් පින්තූරේ ඉන්න කාන්තාවට වඩා මොරර් සයිකලේ හැඩයි . (දී)

:       0       0

සුජීව පද්මකුමාර Sunday, 16 March 2014 04:12 PM

මඩ්ගාඩ් එක නම් මාර බරක් පටවන්න හදපු එකක්. (දී)

:       0       0

චමින්ද Friday, 14 March 2014 01:00 PM

තමන්ගේ නමට ලියාපදිංචි නොකළ වාහනයක්,යතුරු පැදියක් බිරිදටවත් එහෙම විකුනන්න බැහැ. (ත)

:       0       0

නිල්මිණි නිසංසලා Friday, 14 March 2014 01:15 PM

ඍෂිවරයෝ අපි ගැන කියල තියෙන කතාව මේ ගැණු මනුස්සය තවත් තහවරු කරනවා. (අ)

:       0       0

අසෝකා Friday, 14 March 2014 03:05 PM

මේ විදියටම කාර් එකට සලකන ලංකාවේ කෙනෙකුත් පැරිසියේ ඉන්නවා(දිල්).

:       0       0

විරාජ් කාලිංග Friday, 14 March 2014 04:44 PM

ඇබ්බැහි වෙන උදවියත් ඉන්නවා මේ වගේම, ඕනවට වැඩිය වාහනේ නඩත්තුව ගැන හිතන එකත් මහා මෝඩ කමක්, එහෙනම් පාරේ දුවන්නේ නැතුව ගෙදර වෝල් කබඩ් එකක දල තියන්න ඕන,ලස්සනට හොද තත්වයෙන් තියා ගන්න ඕන තමයි, එත් එකට කන්න බොන්නෙත් නැතුව වියදම් කලාට පලක් නැහැ, (අ)

:       0       0

රුවන් Friday, 14 March 2014 04:50 PM

මේ පින්තූරේ මහත්තය දුකින් ඉන්නේ (අ)

:       0       0

රුවන් Friday, 14 March 2014 04:51 PM

පුදුම බයිසිකලයක් (අ)

:       0       0

සුධීර Monday, 17 March 2014 05:24 AM

මේක ට්‍රයම්ස් රොකට් කියන බයික් එක. එන්ජිමේ දාරිතාවය සි සි දෙදහස් හාරසියයි. විස්වාස කරන්නත් අමාරුයි නේද. මගේ පුතා පෙරුම් පුරලා පුරලා එකක් අරගෙන ඇවිත් තුබුනා ගිය මාසේ. මන් නම් පොඩ්ඩක් වත් කැමති නැහැ. ඒත් මේ රටවල හැටියට අපට කියන්න කරන්න පුළුවන් සීමාවක් තියනවනේ. ඔන්න ඔහේ ඕන එකක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site