තමන්ට වඩා යතුරුපැදියට පෙම්බැඳි ඇතැයි සැමියා කෙරෙහි කෝප ඉපිදවූ බ්‍රිතාන්‍ය බිරිදක් ඔහුටත් හොරෙන් එය අන්තර්ජාලයේ විකිණීමට යයි.
ඇයගේ වෙළද දැන්වීමෙහි ඇය යතුරු පැදිය හදුන්වාදී ඇත්තේ වැඩකට නැති යකඩ ගොඩක් ලෙසටය.වැඩ නිමවී නිවසට පැමිණි පසු තම සැමියා කරන එකම කාර්යය එයට සාත්තු සප්පායම් කිරීම පමණක් බවද,එයට අමතරව එක් කර ඇති අංගෝපාංග මිලට ගැනීමට වැය කරනුයේ නිවසට ඇවැසි බඩු බාහිරාදිය ගැනීමට,වාර්ෂිකව විනෝද චාරිකාවක් යාමටත්,තමන් ඉතිරි කරගෙන සිටි මුදල් බවත් ඇය කියන්නීය.
ඇයගේ වෙළද දැන්වීමට ලැබී ඇති ප‍්‍රතිචාර අතර විවාහ යෝජනාද වේ.වෙළද දැන්වීම ඇයගේ සැමියාද දැක තිබෙන බව සදහන්වේ.
ඔහු පවසා ඇත්තේ ඇදුම් පැළදුම් හා ආයිත්තම් වලට ඇය ඇලූම් කරන්නාක් මෙන් තමන් යතුරු පැදිවලට ඇලූම් කිරීම තම බිරිද තේරුම්ගෙන නොමැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වාහනේට ආදරය කරන කෙනා ගෙදරට ආදරේ නැහැ වගේම ගෙදර බිරිඳට දරුවන්ට ආදරය කරන කෙනාට වහනය ගෙන බලන්න වෙලාවක් නැහැ.හිතල බලන්න ඕන තරම් එහෙම පවුල් අප අතර ඉන්නවා.(දිල්)
හැබැයි ඉතින් පින්තූරේ ඉන්න කාන්තාවට වඩා මොරර් සයිකලේ හැඩයි . (දී)
මඩ්ගාඩ් එක නම් මාර බරක් පටවන්න හදපු එකක්. (දී)
තමන්ගේ නමට ලියාපදිංචි නොකළ වාහනයක්,යතුරු පැදියක් බිරිදටවත් එහෙම විකුනන්න බැහැ. (ත)
ඍෂිවරයෝ අපි ගැන කියල තියෙන කතාව මේ ගැණු මනුස්සය තවත් තහවරු කරනවා. (අ)
මේ විදියටම කාර් එකට සලකන ලංකාවේ කෙනෙකුත් පැරිසියේ ඉන්නවා(දිල්).
ඇබ්බැහි වෙන උදවියත් ඉන්නවා මේ වගේම, ඕනවට වැඩිය වාහනේ නඩත්තුව ගැන හිතන එකත් මහා මෝඩ කමක්, එහෙනම් පාරේ දුවන්නේ නැතුව ගෙදර වෝල් කබඩ් එකක දල තියන්න ඕන,ලස්සනට හොද තත්වයෙන් තියා ගන්න ඕන තමයි, එත් එකට කන්න බොන්නෙත් නැතුව වියදම් කලාට පලක් නැහැ, (අ)
මේ පින්තූරේ මහත්තය දුකින් ඉන්නේ (අ)
පුදුම බයිසිකලයක් (අ)
මේක ට්‍රයම්ස් රොකට් කියන බයික් එක. එන්ජිමේ දාරිතාවය සි සි දෙදහස් හාරසියයි. විස්වාස කරන්නත් අමාරුයි නේද. මගේ පුතා පෙරුම් පුරලා පුරලා එකක් අරගෙන ඇවිත් තුබුනා ගිය මාසේ. මන් නම් පොඩ්ඩක් වත් කැමති නැහැ. ඒත් මේ රටවල හැටියට අපට කියන්න කරන්න පුළුවන් සීමාවක් තියනවනේ. ඔන්න ඔහේ ඕන එකක්.(නදී)