
දූෂණ චෝදනා එල්ල වූ යුක්රේනයේ හිටපු බලශක්ති අමාත්‍ය ජර්මන් ගලුෂ්චෙන්කෝ දේශසීමා හරහා යුක්රේනයෙන් පලා යෑමට තැත් කරද්දී හමුදා අත්අඩංගුවට පත්විය.
ගලුෂ්චෙන්කෝ සහ ඔහුට හිතවත් නිලධාරීන් දුෂණ වංචා රැසකට සම්බන්ධ බව අනාවරණය කළේ යුක්රේනයේ දූෂණ මැඩලිමේ කාර්යාංශයයි. ඒ අනුව පසුගිය නොවැම්බරයේ දී ගලුෂ්චෙන්කෝ සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ගලුෂ්චෙන්කෝට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය. පසුගිය 2025 වසරේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කීගේ රජයේ, දූෂණ වංචාවලට සම්බන්ධ යැයි චෝදනා ලැබූ අමාත්‍යවරුන් කීප දෙනකුට එම චෝදනා සම්බන්ධයෙන් ධුරවලින් සමු ගැනීමට සිදුවිය.
ඒ සියලු දෙනා ජනාධිපති සෙලෙන්ස්කීගේ සමීපතම හිතවතුන් යැයි ද අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව ලංකාවේ වගේ තමයි එහෙත්...