
තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසුම් හෙලුවේය.
මියයනවිට ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු 78 කි.
පෝල් ඇලෙක්සැන්ඩර් ට තනිවම හුස්ම ගැනීමට නොහැකි වූයේ පෝලියෝ රෝගියකු වීමෙනි. ඇලෙක්සැන්ඩර් ට පෝලියෝ ආසාදනය වූයේ 1952 වසරේදීය.
තනිවම හුස්ම ගැනීමට නොහැකි වුණු බැවින්, වෛද්‍යවරු ඔහු ලෝහ සිලින්ඩර කුටියකට යොමු කළේය. එම අවස්ථාවේදී පවා වෛද්‍යවරුන් කියා සිටියේ, පෝල් වැඩි කලක් ජීවත් නොවනු ඇති බවය.
වෛද්‍යවරුන්ට අභියෝගයක් වෙමින් පෝල් දශක ගණනක් ජීවත් විය. පෝලියෝ තුරන් කිරීමට එන්නතක් නිර්මාණය වූයේ 1950 දශකයේය.
ලෝහ සිලින්ඩරාකාර කුටියකට යොමු කිරීමෙන් පසු මියයනතුරු ඇලෙක්සැන්ඩර් සිටියේ එම කුටියේය. ‘ද මෑන් ඉන් ද අයන් ලංග්’ යන නමින් ද පෝල් ඇලෙක්සැන්ඩර් හැඳින්විය.
ජීවිත කාලය පුරා අතපය සෙලවීමක් නොමැතිව මුහුණ පමණක් පිටතට පෙනෙන ලෙස ජීවත් වූ පෝල් ඇලෙක්සැන්ඩර් නීතිය හදාරා උපාධියක් ද හිමිකර ගත්තේය.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යකඩ පෙනහලු මිනිසා මියයයි