IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘යක් බාබාට තිස් ලක්ෂයක් බය වෙති‘

ඇමරිකාවේ නිව්යෝක් නගරය වටා සංචාරය කළ ‘යක්ෂ බිළිඳකු’ සිටින කරත්තයක් පිළිබඳ විදෙස් වාර්තා වල දැක්වේ. එය වසා ඇති අතර එයින් බිළිඳෙකු අ`ඩන ශබ්දයක්ද ඇසේ. නමුත් අයිතිකරුවෙකු ඒ ළග පාත නොමැත.

අඬන ශබ්ධය ඇසී ළගින් යන්නෝ එය විවෘත කරති. එකෙනෙහිම එයින් පිටතට පැමිණෙන්නේ ලේ වමනය කරන යක්ෂ පැටියෙකි. ජීවිතයේ කිසිම දිනක නොලැබූ අත්දැකීමක් වන මෙය දුටු විට ඔවුහු භය වී කෑ ගසාගෙන දුවති. ‘අපි විතරක් නෙමෙයි යක්ෂ බබා දැක පරවියොත් බය වුණා’ යනුවෙන් ඒ බයවූවෙක් පැවසීය.

‘යක්ෂ බබා’ ලෙස නම් කරන ලද මෙය සැබෑ බිළිදෙකු නොව රොබෝ යන්ත‍්‍රයකි. එය ඈතින සිට දුරස්ථ පාලකයකින් පාලනය කරයි.

එලි රෝත් විසින් අධ්‍යක්ෂණය කරන ළද අද (17) එළි දක්වන ‘ඩෙවිල්ස් ඩියු’ චිත‍්‍රපටය, ප‍්‍රවර්ධන උපක‍්‍රමයක් ලෙස මෙම යක්ෂ බාබා නිර්මාණය කර තිබේ.

මෙසේ භය වී දුවන්නන් සියල්ලම රහස්‍ය ලෙස වීඩියෝ ගත කර ‘යක්ෂ බබාගේ ආක‍්‍රමණය’ ලෙස යූ ටියුබ් සමාජ වෙබ් අඩවියට මුදා හැර තිබේ. දිනක් ඇතුළත එය මිලියන සංඛ්‍යාවක් නැරඹීමෙන් චිත‍්‍රපටයේ සාර්ථකත්වය කෙසේද යන්න එළි දක්වන්නටත් ප‍්‍රථම චිත‍්‍රපට අධ්‍යක්ෂකවරු නිගමනයකට පැමිණ සිටිති.

 

 

 



අදහස් (0)

‘යක් බාබාට තිස් ලක්ෂයක් බය වෙති‘

සමන්ති Friday, 17 January 2014 08:24 PM

මීට වසර 50කත පමණ ඉහතදී ශ්‍රී ලංකා ගුවන් විදුලිය විසිරුවා හැරී සරත් විමලවීර නිෂ්පාදනය කල රචනාකළ ළමා මණ්ඩපය වෙනුවෙන් නීල් ශ්‍රී විජයසිංහ කොළඹට ආ යෝද බූතයෙකු පිලිබඳ මනෝමය සිද්දියක් අලලා රචනාකළ "මෙහෙමත් විය හැකිද ? " ළමා නාට්ටිය මුළු ලංකාවම පුදුමයට පත්කලා . (නදී)

:       0       0

ෆෙරි Saturday, 18 January 2014 12:45 PM

ලාල් මහනුවර - ඔබ හරි. මෙය හැමෝට සුබ දසුනක් නොවෙයි (අ)

:       0       0

සූරී Monday, 20 January 2014 01:48 PM

දරුවන් මහමග දමා යන අපේ අම්මලටම් මෙයාගෙන් හොද පාඩමක් ඉගෙනගන්න පුළුවන් . (දිල්)

:       0       0

ජයත් Saturday, 18 January 2014 02:15 PM

මෙය අමෙරිකාවෙ කරපු නිසා ප්‍රශ්නයක් නෑ. ලංකවෙ කළ නම් මෙකත් මනව හිමිකම් වෙත ගෙනි යයි. (අ)

:       0       0

උපාලි Saturday, 18 January 2014 05:26 PM

සමන්තිට බොහොම ස්තුතියි, අවුරුදු 50 කට පෙර සිදුවූ මෙමෙ ළමා නාට්‍ය නිසා බොහෝ දෙනෙක් කලබල වී දුවලා තුවාල කර ගත්තා. කොළඹ නගරයේ ගෝල් ෆෙස් වල ලොකු කල බලයක් සිදු උනා. ගුණදාස ලියනගේ මහත්තයාත් මෙයට සම්බන්ද උනා. එය හදපු නිෂ්පාදක වරුන්ට දඬුවම් පවා ලබා දුන්නා.(නදී) මහජනතාව හේතුවක් නොමැතිව කලබල වෙන අයුරින් එය ඉදිරිපත් කිකිම ගැන.

:       0       0

සමන්ති Saturday, 18 January 2014 07:30 PM

මෙම වැඩසටහන අතරමග නතර කලේ නැත . පැය බාගයක් ප්‍රචාරය උනි . දඬුවමක් දෙයි කියල හිතුවත් එසේ කලේ නැත. මෙවැනි ගුවන්විදුලි වැඩසටහනක් කල තෙවෙනි රට සහ ආසියාවේ පලමු රට . හැබැයි සරත් විමලවීර ගෙදර ගියේ ගුවන් විදුලියේ පිටුපස දොරටුවෙන්.(නදී)

:       0       0

විද්‍යා Friday, 24 January 2014 10:32 AM

අවදානයෙන් සැරසෙව්........ ලොකේ කොහේ වුණත් කමක් නෑ. ෆෝන් කනේ ගහගෙන තමන්ගේම ලෝකවල ජිවත්වෙන අයට යක්ෂ බබා නෙමේ ලෝක විනාශේ වුණත් මොකෝ... එතකොට කව්ද මේවට වග කියන්නේ ? (නදී)

:       0       0

ලාල් මහනුවර Saturday, 18 January 2014 01:48 AM

මෙය ගර්බ්නී මුවරුන්ට සුබ දසුනක් නොවෙයි .(අ)

:       0       0

සමන්ත Tuesday, 21 January 2014 12:00 PM

මිනිස්සු බය කරලා හිනා වෙනෙක ලකේ පුරුද්දක් වෙලා (දී)

:       0       0

අමිල කටුනායක Sunday, 19 January 2014 07:39 AM

අපේ පැතිවල තාප්පවල දැන් යක් බාබාලා වැහි වහලා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 18 January 2014 08:35 AM

සමන්ති, අතීතය මතක් කර දුන්නට ස්තුතියි. ඔය වැඩ සටහන ප්‍රචාරය කලේ සජීවී විස්තර ප්‍රචාරයක් ලෙසින්. එය ගාලු මුවදොර බේරේ වැවෙන් මතුවූ යෝද මකරෙකු පිලිබඳ විස්තර ප්‍රචාරයක්. මේක ප්‍රචාරය උනේ අප්‍රියෙල් 01 වෙනිදා දවසක, පාසල් අවසන්ව ළමුන් නිවෙස් වලට යන වෙලාවක. රටම කලබල උනා. වැඩ සටහන අතරමග නතර කරන්න සිදු උනා.ඔය කාලේ මමත් ගුවන් විදුලියේ වැඩ සටහන්වලට සහභාගී උන කෙනෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site