ඇමරිකාවේ නිව්යෝක් නගරය වටා සංචාරය කළ ‘යක්ෂ බිළිඳකු’ සිටින කරත්තයක් පිළිබඳ විදෙස් වාර්තා වල දැක්වේ. එය වසා ඇති අතර එයින් බිළිඳෙකු අ`ඩන ශබ්දයක්ද ඇසේ. නමුත් අයිතිකරුවෙකු ඒ ළග පාත නොමැත.
අඬන ශබ්ධය ඇසී ළගින් යන්නෝ එය විවෘත කරති. එකෙනෙහිම එයින් පිටතට පැමිණෙන්නේ ලේ වමනය කරන යක්ෂ පැටියෙකි. ජීවිතයේ කිසිම දිනක නොලැබූ අත්දැකීමක් වන මෙය දුටු විට ඔවුහු භය වී කෑ ගසාගෙන දුවති. ‘අපි විතරක් නෙමෙයි යක්ෂ බබා දැක පරවියොත් බය වුණා’ යනුවෙන් ඒ බයවූවෙක් පැවසීය.
‘යක්ෂ බබා’ ලෙස නම් කරන ලද මෙය සැබෑ බිළිදෙකු නොව රොබෝ යන්ත‍්‍රයකි. එය ඈතින සිට දුරස්ථ පාලකයකින් පාලනය කරයි.
එලි රෝත් විසින් අධ්‍යක්ෂණය කරන ළද අද (17) එළි දක්වන ‘ඩෙවිල්ස් ඩියු’ චිත‍්‍රපටය, ප‍්‍රවර්ධන උපක‍්‍රමයක් ලෙස මෙම යක්ෂ බාබා නිර්මාණය කර තිබේ.
මෙසේ භය වී දුවන්නන් සියල්ලම රහස්‍ය ලෙස වීඩියෝ ගත කර ‘යක්ෂ බබාගේ ආක‍්‍රමණය’ ලෙස යූ ටියුබ් සමාජ වෙබ් අඩවියට මුදා හැර තිබේ. දිනක් ඇතුළත එය මිලියන සංඛ්‍යාවක් නැරඹීමෙන් චිත‍්‍රපටයේ සාර්ථකත්වය කෙසේද යන්න එළි දක්වන්නටත් ප‍්‍රථම චිත‍්‍රපට අධ්‍යක්ෂකවරු නිගමනයකට පැමිණ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වසර 50කත පමණ ඉහතදී ශ්‍රී ලංකා ගුවන් විදුලිය විසිරුවා හැරී සරත් විමලවීර නිෂ්පාදනය කල රචනාකළ ළමා මණ්ඩපය වෙනුවෙන් නීල් ශ්‍රී විජයසිංහ කොළඹට ආ යෝද බූතයෙකු පිලිබඳ මනෝමය සිද්දියක් අලලා රචනාකළ "මෙහෙමත් විය හැකිද ? " ළමා නාට්ටිය මුළු ලංකාවම පුදුමයට පත්කලා . (නදී)
ලාල් මහනුවර - ඔබ හරි. මෙය හැමෝට සුබ දසුනක් නොවෙයි (අ)
දරුවන් මහමග දමා යන අපේ අම්මලටම් මෙයාගෙන් හොද පාඩමක් ඉගෙනගන්න පුළුවන් . (දිල්)
මෙය අමෙරිකාවෙ කරපු නිසා ප්‍රශ්නයක් නෑ. ලංකවෙ කළ නම් මෙකත් මනව හිමිකම් වෙත ගෙනි යයි. (අ)
සමන්තිට බොහොම ස්තුතියි, අවුරුදු 50 කට පෙර සිදුවූ මෙමෙ ළමා නාට්‍ය නිසා බොහෝ දෙනෙක් කලබල වී දුවලා තුවාල කර ගත්තා. කොළඹ නගරයේ ගෝල් ෆෙස් වල ලොකු කල බලයක් සිදු උනා. ගුණදාස ලියනගේ මහත්තයාත් මෙයට සම්බන්ද උනා. එය හදපු නිෂ්පාදක වරුන්ට දඬුවම් පවා ලබා දුන්නා.(නදී) මහජනතාව හේතුවක් නොමැතිව කලබල වෙන අයුරින් එය ඉදිරිපත් කිකිම ගැන.
මෙම වැඩසටහන අතරමග නතර කලේ නැත . පැය බාගයක් ප්‍රචාරය උනි . දඬුවමක් දෙයි කියල හිතුවත් එසේ කලේ නැත. මෙවැනි ගුවන්විදුලි වැඩසටහනක් කල තෙවෙනි රට සහ ආසියාවේ පලමු රට . හැබැයි සරත් විමලවීර ගෙදර ගියේ ගුවන් විදුලියේ පිටුපස දොරටුවෙන්.(නදී)
අවදානයෙන් සැරසෙව්........ ලොකේ කොහේ වුණත් කමක් නෑ. ෆෝන් කනේ ගහගෙන තමන්ගේම ලෝකවල ජිවත්වෙන අයට යක්ෂ බබා නෙමේ ලෝක විනාශේ වුණත් මොකෝ... එතකොට කව්ද මේවට වග කියන්නේ ? (නදී)
මෙය ගර්බ්නී මුවරුන්ට සුබ දසුනක් නොවෙයි .(අ)
මිනිස්සු බය කරලා හිනා වෙනෙක ලකේ පුරුද්දක් වෙලා (දී)
අපේ පැතිවල තාප්පවල දැන් යක් බාබාලා වැහි වහලා.(නදී)
සමන්ති, අතීතය මතක් කර දුන්නට ස්තුතියි. ඔය වැඩ සටහන ප්‍රචාරය කලේ සජීවී විස්තර ප්‍රචාරයක් ලෙසින්. එය ගාලු මුවදොර බේරේ වැවෙන් මතුවූ යෝද මකරෙකු පිලිබඳ විස්තර ප්‍රචාරයක්. මේක ප්‍රචාරය උනේ අප්‍රියෙල් 01 වෙනිදා දවසක, පාසල් අවසන්ව ළමුන් නිවෙස් වලට යන වෙලාවක. රටම කලබල උනා. වැඩ සටහන අතරමග නතර කරන්න සිදු උනා.ඔය කාලේ මමත් ගුවන් විදුලියේ වැඩ සටහන්වලට සහභාගී උන කෙනෙක්.(නදී)