පමණට වඩා ව්‍යායාම කටයුතු වල යෙදීමත් ජීවිත කාලය කෙටි කිරීමේ සමත් බව ඇමරිකා පර්යේෂකයෝ පිරිසක් කියති.
දිනපතා ව්‍යායාම් කටයුතු වල යෙදෙන 3800 ක දෙනෙකු තෝරාගෙන ඔවුන් ඇසුරින් කළ පර්යේෂණ වලදී මෙම බව සොයාගැනීමට හැකිවූ බව ඔවුහු කියති.
ඔවුන් අතරින් වෙහෙස අමතක කර ශරීර සුවතාවය යැයි සදහා කියමින් නුවුමනා පරිදි ව්‍යායාම වල යෙදුණ පුද්ගලයින්ගේ දේහයන් ඉක්මනින් වයස්ගත වන ලකුණු නිරීක්ෂණය කිරීමට හැකිවූ බව පර්යේෂකයෝ පවසති.
දිනපතාම දිවීමේ යෙදෙන පුද්ගලයින් ඉක්මනින් වයස්ගතවීම අතින් සියල්ලන්ටම ඉහළින් සිටි බව සදහන්ය.
පර්යේෂක පිරිස යෝජනා කරන්නේ ව්‍යායාම වලටත් සීමා පැවතිය යුතු බව දැන කටයුතු කරන ලෙසයි.බර අඩු කර ගැනීම සදහා හෝ සිරුරේ හැඩය පවත්වාගැනීම සදහා හෝ යැයි කියමින් අධික වෙහෙසක් දැනෙද්දී පවා ව්‍යායාමයන්ගේ යෙදීමෙන් වැඩකට වඩා සිදුවන්නේ අවැඩක් බව ඔවුහු කියති.
තවමත් ව්‍යායාම කළ යුතු ප‍්‍රමාණයක් ගැන නිශ්චිත අදහසක් දීමට තරම් පර්යේෂණය ඉදිරියට සිදුකර නොමැති වුවත් හොදම දෙය ව්‍යායාම කිරීමේදීත් තමන්ගේ සීමා දැනගෙන කටයුතු කිරීම බව ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදුම් පිළිවෙත (දිල්)
අනේ මන්දා මේ දේවල්? (නි)
මධ්‍යම ම ප්‍රතිපදාව ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරලා ගොඩක් කල්.(නදී)
ඔබගේ ශරීරයට සවන් දෙන්න.(ස)