මිහිපිට සැරි සැරූ දැවැන්ත ඩයිනෝසරයන් රංචුවකගේ පා සටහන් ඇලස්කාවේ ඩෙනාලි ජාතික වනෝද්‍යානයෙන් හමුවී ඇතැයි පර්යේෂකයෝ කියති. අදින් වසර කෝටි 10ට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මඩ සහිත භූමියක ඇවිද යාමෙන් පසු එම ප්‍රදේශය උණුසුම්ව වියළී යාමෙන් පසු මේ අඩි සළකුණු අද දක්වාම ඉතිරිවී ඇතැයි පර්නට් කෞතුකාගාරයේ පර්යේෂකයන් පිරිසක් කියති.
තාරාවුන්ගේ පාද වැනි පාද සටහන් අති විශාල ප්‍රමාණයක් මෙහි දැකිය හැකි අතර පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කැන්සාස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්තනි ෆ්‍යුරිලෝ පවසන්නේ ලොව මෙතෙක් දක්නට ලැබුණු වඩාත් හොඳින් සුරක්ෂිතව ඇති ඩයිනෝසර් පාද සටහන් සමූහය මෙය බවයි. අතීතයේ මිහිපිට සැරි සැරූ දැවැන්ත සත්ත්වයකු වන හාඩ්‍රොසා්රස් නමැති විශේෂයේ සතුන් විශාල සංඛ්‍යාවකගෙන් යුතු රංචුවක් ඇවිද යාමෙන් මේ පා සළකුණු ඇතිවී තිබේ.
පර්යේෂකයන්ගේ මතය වන්නේ එම ස්ථානය අතීතයේ මඩ සහිතව තිබී ඇති බවයි. දැනට පාෂාණිභූත වළවල් සේ දිස්වන මේ අඩි සළකුණුවල දිග පළල හා සටහන් වී ඇති ගැඹුර අධ්‍යයනය කිරීමෙන් පසු පර්යේෂකයන්ගේ නිගමනය වී ඇත්තේ විවිධ වයස් කාණ්ඩවලට අයත් හාඩ්‍රොෙසා්රස් සතුන් රංචුවක් මේ ස්ථානයෙන් ගමන් කර ඇති බවයි.
ආචාර්ය ෆ්‍යුරිලෝ මෙසේ කියයි.
‘‘ මේ සතුන්ගේ අඩි සළකුණු මෙතරම් හොඳින් සුරක්ෂිතව තිබීම පුදුම සහගත දෙයක්. අපිට මේවා අධ්‍යයනයෙන් ඔවුන් ජීවත් වූ පරිසරයේ යථා ස්වරූපය අවබෝධ කැර ගත හැකියි. මේ අඩි සළකුණු අනුව පෙනෙනවා ඔවුන් මේ ස්ථානයේ නිදහසේ ඇවිද ගිය බව. ඒ වගේම ආක්ටික් ප්‍රදේශයේ දේශගුණික විපර්යාස සිදුව ඇති ආකාරයත් මේ අනුව තේරුම්ගත හැකියි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිහිතලයේ ඇවිද ගිය දැවැන්තයෝ
පිටබැද්දර ජයා Sunday, 13 July 2014 03:08 AM
අනේ මන්ද මෙයාල කියනවා. අපි අහනවා. (ස)
රවීන්ද්‍ර - ඕමාන් Sunday, 13 July 2014 06:26 AM
වසර කොටි 10ක් කියල කොහොමද අනේ මෙයාල හරියටම කියන්නේ.... අරකියුවත් වගේ එයාල කියනවා අපි අහනවා.... (ස)
උපුල් සමන්ත Sunday, 13 July 2014 12:45 PM
රවීන්ද්‍ර, පරමාණු වල අර්ධ ආයුකාලය මගින් කාලය නිස්චිතව ගනණය කල හැකිය. (නදී)