හිටපු අගමැතිනී බෙනාසීර් බූතෝ ඝාතනය සම්බන්ධයෙන්, එවකට පාකිස්තානයේ ජනපති ධුරය හෙබවූ පර්වේස් මුෂාරෆ් අල්ලා ගැනීමට අන්තර් ජාතික පොලිස් කොමිසම හෙවත් ඉන්ටර්පොල් ආයතනයේ සහාය ඉල්ලීමට පාකිස්තාන රජය ඊයේ (4) තීරණය කළේය.
ඒ අනුව මුෂාරෆ්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසට ඉන්ටර්පෝල් ආයතනයට දැනුම් දී ඇතැයි ද පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමැති රහ්මාන් මලීක් පවසයි.
බෙනාසීර් බූතෝ ඝාතනයට ලක් වූයේ 2008 වසරේදීය. ඒ, ඇය දේශපාලන රැලියකට සහභාගී වූ අවස්ථාවේදීය. එම අවස්ථාවේ ජනපති ධුරය හෙබවූයේ මුෂාරෆ්ය. ජීවිත අනතුරු තිබියදී බෙනාසීර් බූතෝට නිසි ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් මුෂාරෆ්ට චෝදනා එල්ල වී ඇත.
එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන මුෂාරෆ් පවසන්නේ බූතෝ ඝාතනය සිදු කළේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් බවය. බූතෝ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තාන රජය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වීය. ඒ, ජනපති අසීෆ් අලී සර්දාරීගේ ඉල්ලීමක් අනුවය.
ඉන්පසු පැවැති මැතිවරණයෙන් මුෂාරෆ්ට ජනපති ධුරය අහිමි විය. ඔහු පාකිස්තානයෙන් පිටුවහල් වී ඩුබායි සහ ලන්ඩන් නුවර පදිංචියට ගියේය. කිසිදු ලේ වැගිරීමක් නොකොට මුෂාරෆ්, හමුදා කුමන්ත‍්‍රණයකින් පාකිස්තානයේ හමුදාපතිවරයා ලෙස බලයට පත්වූයේ 1999 වසරේදීය.
මේ වනවිට යළිත් පාකිස්තාන දේශපාලන කරළියට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින මුෂාරෆ්, ‘සියලූම පාකිස්තාන වැසියන්ගේ මුස්ලිම් ලීගය’ යනුවෙන් නව දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ඇත. පාකිස්තානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2013 වසරේදීය.
හිටපු ජනාධිපති මුෂාරෆ් යළි සිය රට පැමිණෙන බව මීට සති කිහිපයකට පෙර නිවේදනය කළ අවස්ථාවේදී පාකිස්තාන රජය කියා සිටියේ මුෂාරෆ් යළි පැමිණියහොත් බෙනාසීර් බූතෝ ඝාතනයට වරදකරුවකු ලෙස ඔහු වහා අත්අඩංගුවට ගන්නා බවය.
හිටපු පාකිස්තාන අගමැතිනියක වූ බෙනාසීර් බූතෝ ඝාතනයට  මුෂාරෆ් සම්බන්ධ බවත් පාකිස්තානයට පය තැබූ විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සියලූම නීති කටයුතු සම්පාදනය කර ඇති බවත්  පාකිස්තාන රජය වැඩි දුරටත් කියා සිටියි.
							
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මුෂාරෆ් අල්ලන්න පාකිස්තාන රජය ඉන්ටර්පෝල් සහාය පතයි