
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි විය.
මේ වනවිට එම කෙසෙල් ගෙඩිය සහිත කලා නිර්මාණය මිලදී ගත් චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායක ජස්ටින් සන් එය කෑමට ගෙන ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ජස්ටින් සන් කෙසෙල් ගෙඩිය කෑමට ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. මෙම කලා නිර්මාණය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ "කමීඩියන්" නැමැති කලා නිර්මාණය ලෙස සැලකෙයි.
තමන් මෙම කලා නිර්මාණය මිලදී ගත්තේ, එම අද්විතීය කලා නිර්මාණයේ අත්දැකීම විඳ ගැනීම සඳහා යැයි ඔහු එය මිලදී ගන්නා අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වෙන්න එපා... මේ චීන්නු...