IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාලදිවයින ජනපතිට විපක්ෂයෙන් විරෝධයක්

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් කතා කරද්දී, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ දෙශ්පාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු ඔහුට විරෝධය පළ කළහ.

ජනාධිපතිවරයාට විරෝධය දැක්වූ මන්ත්‍රීවරුන් ඔහුගේ කතාව වර්ජනය කරමින් සභාගර්භයෙන් පිටවී ගිය බව ද පැවැසෙයි.

ජනාධිපති මොහොමඞ් මුයිසුට විරෝධය පෑවේ, මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ‘ඩිමොක්‍රටික්ස්’ දේශපාලන පක්ෂයයි.

මෙම විපක්ෂ දේශපාලන පක්ෂ, ජනාධිපතිවරයාට විරෝධය පළ කළේ ජනාධිපති මුයිසුගේ චීන හිතවාදී සහ ඉන්දීය විරෝධී ප්‍රතිපත්තිය නිසාය.

පසුගියදා ජනාධිපති මුයිසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විවේචනය කරමින් කළ ප්‍රකාශයක් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල දැඩි විරෝධයට හේතු විය.

එම සිද්ධිය මුල්කොට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ද ජනාධිපති මුයිසුට මාලදිවයින විපක්ෂ නායකයන්ගෙන් දැඩි බලපෑමක් ද එල්ල විය.



අදහස් (1)

මාලදිවයින ජනපතිට විපක්ෂයෙන් විරෝධයක්

Rata Perata Monday, 05 February 2024 12:40 PM

මේ වගේ කොන්ද පණ තියෙන විපක්ෂයක් අපේ රටේ තිබුණා නම් මේ ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩ ගොඩක් අඩු වෙලා...

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site