යතුරු ලියනය කරන මුරපද හෙවත් රහස් පද වෙනුවට ශබ්ද නැගෙන මුරවචන භාවිතය ආරම්භ කිරීමට ගූගල් සමාගම කටයුතු කරමින් සිටින්නේයැයි වාර්තා වේ.
මෙම ක‍්‍රමය භාවිතය ලොවට මුලින්ම හදුන්වාදුන් ඊශ‍්‍රායෙල සමාගමක් වන ‘‘ස්ටික්ලොගින්‘‘ පසුගියදා ගූගල් සමාගම තම සමාගම් ජාලයට එක් කර ගැනීමත් සමග මේ බව හෙළිවී තිබේ.
සිටික්ලොගින් සමාගමේ පද්දතියට අනුව මිනිස් කණට නොඇසෙන එහෙත් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ හෝ වන මයික‍්‍රපෝනයකින් හදුනාගත හැකි ශබ්ද තරංගයක් අනුව පරිගණක අගුල් ලෑම හෝ විවෘත කිිරීම ආදිය සිදුකළ හැක.එක් පුද්ගලයෙකු භාවිතා කරන ශබ්ද තරංගය වෙනත් පුද්ගලයෙකු භාවිතා කරන ශබ්ද තරංගයකින් වෙනස් වන අතර මෙනිසා මුර පද වලට වඩා ආරක්ෂාව ඉහළය.
ගූගල් සමාගම මේ පද්දතිය තවදුරටත් දියුණු කර සමාජ වෙබ් අඩවි ගිණුම්,විද්‍යුත් තැපැල් ගිණුම් ආදියටත් භාවිතා කළ හැකි වන සේ හදුන්වාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.
ගූගල් සමාගම දැනටමත් පෞද්ගලික තොරතුරු ආරක්ෂණය කළ හැකි ක‍්‍රම රැසක් හදුන්වාදී තිබෙන අතර ජංගම දුරකථන සදහා හදුන්වාදුන් භාවිතාකරන්නාගේ රූපය හදුනාගෙන අගුලූ විවර කිරීමේ ක‍්‍රමවේදය ඒවා අතුරින් නවතම වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd