යතුරු ලියනය කරන මුරපද හෙවත් රහස් පද වෙනුවට ශබ්ද නැගෙන මුරවචන භාවිතය ආරම්භ කිරීමට ගූගල් සමාගම කටයුතු කරමින් සිටින්නේයැයි වාර්තා වේ.
මෙම ක‍්‍රමය භාවිතය ලොවට මුලින්ම හදුන්වාදුන් ඊශ‍්‍රායෙල සමාගමක් වන ‘‘ස්ටික්ලොගින්‘‘ පසුගියදා ගූගල් සමාගම තම සමාගම් ජාලයට එක් කර ගැනීමත් සමග මේ බව හෙළිවී තිබේ.
සිටික්ලොගින් සමාගමේ පද්දතියට අනුව මිනිස් කණට නොඇසෙන එහෙත් පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ හෝ වන මයික‍්‍රපෝනයකින් හදුනාගත හැකි ශබ්ද තරංගයක් අනුව පරිගණක අගුල් ලෑම හෝ විවෘත කිිරීම ආදිය සිදුකළ හැක.එක් පුද්ගලයෙකු භාවිතා කරන ශබ්ද තරංගය වෙනත් පුද්ගලයෙකු භාවිතා කරන ශබ්ද තරංගයකින් වෙනස් වන අතර මෙනිසා මුර පද වලට වඩා ආරක්ෂාව ඉහළය.
ගූගල් සමාගම මේ පද්දතිය තවදුරටත් දියුණු කර සමාජ වෙබ් අඩවි ගිණුම්,විද්‍යුත් තැපැල් ගිණුම් ආදියටත් භාවිතා කළ හැකි වන සේ හදුන්වාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.
ගූගල් සමාගම දැනටමත් පෞද්ගලික තොරතුරු ආරක්ෂණය කළ හැකි ක‍්‍රම රැසක් හදුන්වාදී තිබෙන අතර ජංගම දුරකථන සදහා හදුන්වාදුන් භාවිතාකරන්නාගේ රූපය හදුනාගෙන අගුලූ විවර කිරීමේ ක‍්‍රමවේදය ඒවා අතුරින් නවතම වේ.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘මුරපදේ කටින්‘