මරණාසන්න අත්දැකීම් යනු බොරු මනස්ගාතයන් නොව සැබෑවටම අත්විඳීය හැකි අත්දැකීම් යැයි බි‍්‍රතාන්‍යයේ සදැම්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

වසර 4 ක් පුරාවට බි‍්‍රතාන්‍යයේ,ඇමරිකාවේ හා  ඕස්ටේ‍්‍රලියාවේ රෝහල් වල රෝගීන් 2000 ක් ආශ‍්‍රයෙන් සිදුකළ පර්යේෂණයක් මේ පිළිබඳ අධ්‍යනය කිරීම සදහා ඔවුන් යොදාගෙන ඇත.

මෙම රෝගීන් සියලූදෙනාම හෘදය කි‍්‍රයාවිරහිත වී එක් මොහොතකදී මරණය අත්දැක, පසුව වෛද්‍යවරුන්ගේ උත්සාහයෙන් හෘදය යළි කි‍්‍රයාකාරී කරවා නැවත ජීවතුන් අතරට ගෙනආවුන් වීම විශේෂයකි.

පර්යේෂකයින් පවසන ආකාරයට එම රෝගීන්  සියලූදෙනාම පාහේ මරණයට පත්ව සිටි ඒ මොහොතේදී කුමන හෝ දර්ශනයක් දැක හෝ හැඟීමක් දැනී හෝ ඇත.

ඇඳ ඉහළින් සිටගෙන තමන්ගේම සිරුර දෙස බලා සිටිනු,දීප්තිමත් ආලෝකයක් වෙත ඇදී යනු,සියලූදෙයින් නිදහස් වෙනු දැනෙනු වැනි අත්දැකීම් මෙන්ම ජලාශයක් යටට ඇදගෙන යනු, වැනි අමිහිරි අත්දැකීම්ද ඔවුන් මරණ මොහොතේදී අත්දැක ඇත.

මියගිය පසුත් මෙසේ වන්නේ ඇයිදැයි තවදුරටත් සොයා බලා ඇති පර්යේෂක පිරිස අනාවරණය කරගෙන තිබෙන්නේ මිනිස් ‘‘විඥානය‘‘ පුද්ගලයෙකු මරණයට පත්ව, කාලයක් ගතවූ පසු වුවද කි‍්‍රයාත්මකව පවතින බවයි.

මියගිය පසු මිනිස් විඥානය තත්පර 3 - 4 කට වඩා කි‍්‍රයාකාරීව පවතින්නේ නැතැයි මත පළවී තිබෙන නමුත්, මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව විඥානය ඊට වඩා වැඩි කාලයක් එනම් විනාඩි 3 - 4 ක පමණ කාලයක් කි‍්‍රයාත්මකව පවතින බව පෙනී යන්නේයැයි පර්යේෂකයින් කියයි.

විඥානය කි‍්‍රයාත්මකව පවතින බැවින් මරණාසන්න අත්දැකීම් භ‍්‍රාන්ති හෝ මොළයේ විකාර ලෙස සළකා බැහැර කළ නොහැකි යැයි පර්යේෂක පිරිස අවධාරණය කරති.

මිනිස් විඥානය යනු කුමක්දැයි යන්න තවමත් අභිරහසක්ව පවතින කළ එය මරණින් පසුවත් කි‍්‍රයාකාරීව පවතින්නේ කෙසේදැයි යන්න මහත් ගැටලූවකි.

මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණයන් පැවැත්විය යුතුව ඇතැයි පර්යේෂක පිරිසේ අදහසයි.

1412641274565_wps_53_A_hand_reaching_towards_g 1412641529672_wps_54_Surgeons_performing_opera