මරණාසන්න අත්දැකීම් යනු බොරු මනස්ගාතයන් නොව සැබෑවටම අත්විඳීය හැකි අත්දැකීම් යැයි බි‍්‍රතාන්‍යයේ සදැම්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
වසර 4 ක් පුරාවට බි‍්‍රතාන්‍යයේ,ඇමරිකාවේ හා ඕස්ටේ‍්‍රලියාවේ රෝහල් වල රෝගීන් 2000 ක් ආශ‍්‍රයෙන් සිදුකළ පර්යේෂණයක් මේ පිළිබඳ අධ්‍යනය කිරීම සදහා ඔවුන් යොදාගෙන ඇත.
මෙම රෝගීන් සියලූදෙනාම හෘදය කි‍්‍රයාවිරහිත වී එක් මොහොතකදී මරණය අත්දැක, පසුව වෛද්‍යවරුන්ගේ උත්සාහයෙන් හෘදය යළි කි‍්‍රයාකාරී කරවා නැවත ජීවතුන් අතරට ගෙනආවුන් වීම විශේෂයකි.
පර්යේෂකයින් පවසන ආකාරයට එම රෝගීන් සියලූදෙනාම පාහේ මරණයට පත්ව සිටි ඒ මොහොතේදී කුමන හෝ දර්ශනයක් දැක හෝ හැඟීමක් දැනී හෝ ඇත.
ඇඳ ඉහළින් සිටගෙන තමන්ගේම සිරුර දෙස බලා සිටිනු,දීප්තිමත් ආලෝකයක් වෙත ඇදී යනු,සියලූදෙයින් නිදහස් වෙනු දැනෙනු වැනි අත්දැකීම් මෙන්ම ජලාශයක් යටට ඇදගෙන යනු, වැනි අමිහිරි අත්දැකීම්ද ඔවුන් මරණ මොහොතේදී අත්දැක ඇත.
මියගිය පසුත් මෙසේ වන්නේ ඇයිදැයි තවදුරටත් සොයා බලා ඇති පර්යේෂක පිරිස අනාවරණය කරගෙන තිබෙන්නේ මිනිස් ‘‘විඥානය‘‘ පුද්ගලයෙකු මරණයට පත්ව, කාලයක් ගතවූ පසු වුවද කි‍්‍රයාත්මකව පවතින බවයි.
මියගිය පසු මිනිස් විඥානය තත්පර 3 - 4 කට වඩා කි‍්‍රයාකාරීව පවතින්නේ නැතැයි මත පළවී තිබෙන නමුත්, මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව විඥානය ඊට වඩා වැඩි කාලයක් එනම් විනාඩි 3 - 4 ක පමණ කාලයක් කි‍්‍රයාත්මකව පවතින බව පෙනී යන්නේයැයි පර්යේෂකයින් කියයි.
විඥානය කි‍්‍රයාත්මකව පවතින බැවින් මරණාසන්න අත්දැකීම් භ‍්‍රාන්ති හෝ මොළයේ විකාර ලෙස සළකා බැහැර කළ නොහැකි යැයි පර්යේෂක පිරිස අවධාරණය කරති.
මිනිස් විඥානය යනු කුමක්දැයි යන්න තවමත් අභිරහසක්ව පවතින කළ එය මරණින් පසුවත් කි‍්‍රයාකාරීව පවතින්නේ කෙසේදැයි යන්න මහත් ගැටලූවකි.
මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණයන් පැවැත්විය යුතුව ඇතැයි පර්යේෂක පිරිසේ අදහසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද. කියවල බලන්නකෝ අභිදර්මය පොතක් පුදුම වෙයි (නදී)
ලෝකයේ විද්‍යාව බිහිවෙන්න ප්‍රථම බුදුන් වහන්සේ මේ හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා. හරි අවබෝධයකින් බෞද්ධ දර්ශනය ඉගෙනගත්තොත් මේ හැමදෙයක්ම වැටහේවි. (නි)
සාරාසන්ක්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ කරන ලද ආර්ය පර්යේෂණයකින් මේ දේවල් මොනවට පැහැදිලි කර තිබෙන බව ඔවුන් දන්නේ නැතිව ඇති. (හේ)
ජයාත් ගේ අදහසට එකඟ විය යුතුයි. විද්‍යාව, විද්‍යාව ලෙසටත් - ආගම්, ආගම් ලෙසටමත් වෙන්කර දැකගත යුතුමයි. මේ දෙවර්ගය කවදාවත් පෑහෙන්නේ නැහැ. මේවා ඉස්මතු කරන්නට දැඟලීම තුළිනුයි ලෝක යුද්ධ බිහි වුනේ. නමුත් තවත් දෙයක් අපි සිහියට ගත යුතුයි. ඒ "බුද්ධ" යනු ආගමක් නොවෙයි යන්නයි. එහෙමනම් 'බුද්ධාගම' කියා දෙයක් තිබිය හැකිදැයි සොයා බලා දැනගන්න. ලොව ඉහලම බුද්ධියේ දර්ශනය 'බුද්ධ දර්ශනයයි'. එය වෙනස් නොවන්නක්. එය පොත, පතින් දැකිය නොහැකි බැව්ද, නොකියාම බැහැ. (නදී)
විඥානය හෙවත් සිත මායාවක් වගේ.ඒක කාටවත් හොයාගන්න බැහැ. හොයාගන්න පුලුවන් තමන්ටමයි. මේ සත්‍ය කාටවත් හංගන්න බැහැ. සිදුවෙනවාමයි. මෙකයි විද්‍යාව. නමුත් අපි දැන් විද්‍යාව කියන්නේ පරික්ෂණයක් කරලා, බොරුවට කියන දෙයක් ඇත්තයි කියලා පිළිගන්න එක. නමුත් විද්‍යාව හරියට හැදැරුවොත් විඥානය හොයාගන්නත් පුලුවන් වෙවි (නි)
'විඥාන පච්චයා නාම රූප' ඔය විඥානය නිසා තමා නාම රූප හෙවත් නැවත භවයක් සිදුවෙන්නේ. විද්‍යාවෙන් ඕව හොයා ගන්න තව කල් යාවි. අභිදර්මය තුල ඕව ලස්සනට තියෙනවා. බුදුන් වහන්සේ සියල්ල අවබෝධ කලා. ඒවාට අභියෝග කරන්න කාටවත් බෑ. (නදී)
බුදුමඟ යන ඔබට සියල්ල පැහැදිලි වේවි (නි)
මේක කතෝලික දහමේ හොදින් පැහැදිලි කරනවා. ස්වර්ගයට ගොස් දෙව්පියාණන් සමග කථාකර පැමිණි දරුවකු ලියු පොතක් ඉංග්‍රීසි භාෂාවෙන් මිට වසර කිහිපයකට පෙර ලියවුනා. එය කියවා බලන්න. ඔබ සැමට ජේසු පිහිටයි.! (නදී)
ඉතාම සතුටක් දැනෙනවා මේ ප්‍රතිචාර ටික කියෙව්වම. මම හිතාගෙන හිටියේ අද ගොඩාක් බෞද්ධයින් නමට විතරක් බෞද්ධ කියලා. නමුත් අභිධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන බෞද්ධ පිරිසක් ඉන්නවා කියලා මේකෙන් ඔප්පු වුණා. මේ සියලුදෙනා තව තවත් උනන්දු වෙලා තව ගැඹුරින් අභිධර්මය හදාරන්න, උනන්දු වේවා කියා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! (නි)
ඇත්තෙන්ම මිනිසුන්ට මේ ගැන දැනගන්න සැබෑ උවමනාවක් තිබේනම් බුදුදහම ගැන ගැඹුරින් හදාරන්න. නියම ප්‍රවේශයක් ලබාගන්න පුළුවන්.එය මිනිසාට යහපතක් වේවි (නි)
එම විද්‍යාඥයන් ම කියනවා මේ ගැන තව පරීක්ෂණ කරන්න ඕනා කියල. මේ වගේ අත් දැකීම් මරණාසන්න වෙලාවට මොලයට ලැබෙන අඩු ඔක්සිජන් සාන්ද්‍රණයක් යටතේ උනත් සිද්ද වෙන්න පුළුවන් කියල ලෝකේ සමහර පරීක්ෂණ කරලා පෙන්නලා දීල තියනවා. විද්‍යාව කියන්නේ මේක තමයි කල්පිත එනවා ඒවා වරදිනවා සමහර ඒවා හරි යනවා (නදී)
වසර දෙදහස් පන්සියකටත් වැඩි කාලයකදිත් බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ නිර්මල බුදුදහම එදාටත්,අදටත් ,හෙටටත්,මතුවටත් එසේම පවතී .එයයි සත්‍යය. (නි)
යමක් ඇති සැටියෙන් සොයා ගැනීම නිකම්ම විශ්වාස කරනවට වඩා බොහෝ නිවැරදි වේ. (නදී)
දිල්රුක්ෂි, ඇයි ඔබ කියන්නේ " හැමදේම අයිති දෙවියන්ටයි කියලා."? (නි)
ඔව් ඔව් ලංකාවේ ඔක්කොම පොත් කියවලා හැදිලා ඉන්නේ.හැමෝම ආගමික පණ්ඩිතයින් වෙලා. අලුත් දෙයක් අගය කරන්නේ නැහැ. අනික නව සොයාගැනීම් වලට අඩුපාඩු කියන්න කලින් ගිහින් මිනිසුන්ව හදන්නකෝ ආගම කියලා දීලා. (නි)
බුදුහාමුදුරුවො මෙවැනි ගැඹුරු කරුණූ දේශනා කළේ වසර 2500කටත් පෙර බව ඇත්ත. එය මහා පුදුමයක්. ආශ්චර්යයක්. මෙතරම් දැනුමක් ලැබුනේ කොහෙන්ද කියන එක. නමුත් එය එසේයැයි කියා නූතන විද්‍යාවෙන් යමක් ඉදිරිපත් කළවිට එයත් අවතක්සේරු කරන්න එපා. ඒ දැනුමත් අරගෙන මෙය තව තවත් තේරුම් ගන්න උත්සාහ කිරීමයි කළයුත්තේ. මොකද බුදුහාමුදුරුවන්ට මෙවැනි දේ තේරුනාට අපිට තවම තේරිලා නැහැනේ. අපි දන්නේ මෙහෙම දෙයක් දේශනා කරලා තියෙනවා කියන එක විතරනේ. (නි)
අභිධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙන බෞද්ධ පිරිසක් ඉන්නවා කියලා මේකෙන් ඔප්පු වුණා. මේ සියලුදෙනා තව තවත් උනන්දු වෙලා තව ගැඹුරින් අභිධර්මය හදාරන්න, උනන්දු වේවා කියා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! ඉතාම සතුටක් දැනෙනවා මේ ප්‍රතිචාර ටික කියෙව්වම. (නදී)
බුදු දහම අනුව පමණි මේක තේරුම් ගන්න පුළුවන්. ඇමෙරිකාව මේවා දැන් කරගෙන යනවා. (නදී)
මෙම ලිපියෙන් කියන දේ බුදු දහමට අදාල වෙන්නේ කොහොමද? (හේ)
ලෝකය සැදී ඇත්තේ පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා යන ශුද්ධ ආශ්ටකයේන් බව දකින්න. නාම රූප වල එකතුවකින් බව දකින්න. රුප වේදනා සංඥා සංස්කාර විඥාන යන පංචස්කන්ධයේන් බව දකින්න දෙතිස් කුනුපයකින් සැදුම්ලත් මේ කුනුකය කුනු ගොඩක එකතුවක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් නැති බව මේ යතාර්තය දකින්න ඝන සංඥාව බිදින්ඩ මේ ඔක්කොටම අභිදර්මය ඉතාම හොඳ රුකුලක් වෙනවා. සුතමය ඥානය තුලින් යථාබූත ඥානය උපදවා ගැනීමට පිටුවහලක් වෙයි සද්ධර්ම ශ්‍රවනය ධර්මය කියවිමම යථාබූත ඥානය උපදවා ගැනීමට පිටුවහලක් වෙයි (හේ)
මේ කරුණ සම්බන්දයෙන් විශ්වයේ ඇති සියලු තතු මම දනිමි. වින්චණය පමණක් නොව එයට හේතුවත්, පවතින ආකාරයත්, මිනිස් සිරුරට එය සම්බන්ධවන හැටි, මරණයේදී ඉවත් වන හැටි සහ නැවත ශරීරයකට අනුගත වන හැටි.(හේ)
පොහොය දින එක් මාධ්‍ය සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අත්දැකීම් තිබු කිහිපදෙනෙක්ම කතා කළා. ඉතාම හරවත් (නදී)
මේවා අවබෝධ කරගෙන තියෙනවා නම් අය මෙහෙම පිරිහිමෙක් ? මේ ලෝකේ (අ)
අපේ මහා පඬිරුවනක් වන බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහා නාහිමියන්ගේ හා අපට පසුගියදා අහිමි වූ බෙල්ලන්විල ඥානවිමල මහා නාහිමියන්ගේ උපදෙස් මත ලියැවුණ "අපට නොපෙනෙන ලෝකය" පොත් හතර අරගෙන කියෙවුවොත් බොහෝ දේවල් ඉගෙනගන්න පුලුවන් (නි)
අපේ තාත්තා නැතිවෙන අන්තිම මොහොතේ කිව්වා ''මම දැන් හැම දේකින්ම නිදහස්.මම දැන් පිවිසුම් මාර්ගයට ඇවිල්ලා ඉන්නේ'' කියලා. තාත්තා හිටියේ හරිම සන්තෝෂයෙන් බොහොම නිදහස්ව ඇඳේ හාන්සි වෙලා. මේක කියලා පැයකින් විතර තාත්තා නැතිවුණා.මේක වුණේ දැනට අවුරුදු තුනහමාරකට කලින්.මගේ ජීවිතේට අමතක වෙන්නේ නැති දෙයක් ඒ මොහොත. (නි)
මොකටද බුද්ධ දර්ශනයට විද්‍යාව පටලාගන්නේ? විද්‍යාවට පෙර අපි බුදු දහම ඉගෙනගත්තේ. (නි)
මෙතැනදී, ඔබ බුදුරජාණන් වහන්සේ සත්‍ය දෙයක් දේශනා කළ බව විස්වාස කරනතුරු සත්‍ය දකින්න ලැබෙන්නේ නැහැ (නි)
සිරුරෙන් වෙන්වලා සිරුර දිහා බලාගෙන ඉන්න නම් අප සිරුර තුල ආත්මය වැනි ඒකකයක් තියෙන්න ඕනේ. (නදී)
සිත දියුණු කල භාවනා යෝගීන් මේවා අත්දැකීමෙන් දේශනා කර තියෙනවා . ථෙරවාදී බොදු අපට මේවා අලුත් ආරංචි නොවෙයි. (නදී)
බුදු දහම අනුව ජිවිතය හොඳින් ගෙන යන්න මරණ මංචකය හොඳ වෙිවි. නමෝ බුද්ධාය (නදී)
බුද්ධ දර්ශනය නොදත් හෝ පිළිනොගන්නා අය බොහෝ පර්යේෂණ කරලා හොයාගන්නේ බෞද්ධ දර්ශන්යෙන් පැහැදිලි කරපු දේවල්මයි. සියල්ලන්ටම සත්‍ය වැටහේවා. (නදී)
රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ 'පටිච්ච සමුප්පාධ විවරණය ' පොත හොදින් කියවන්න. බුදු දහමේ හරය එයින් මැනවින් දත හැකිය. එතකොට තර්කයට යන ගතියත් ඉබේම අඩු වෙනවා. (අ)
මේකට නව ඩාවිනියානු පැහැදිලි කිරීමක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. මේවා පිළිබද පර්යේෂණ කරන එක හොද වැඩක්. එ්ත් ආගමික සංකල්ප පටලවගන්න එක හානිකරයි. (නදී)
හැමදේම අයිති දෙවියන්ටයි (නි)
මේවා මේ සිංහල බෞද්ධ අපිට නම් අලුත් දේවල් නෙමෙයි. විද්‍යාත්මක පදනමක් නැති සමහර අය කියනවා විද්‍යාවයි, ආගමයි පටලවාගන්න එපාලු. බෞද්ධයො කොහෙද අනේ විද්‍යාවයි ආගමයි පටලවා ගත්තෙ? කොහෙද මෙතන පැටලිලා තියෙන්නෙ? අදහස් දාන බෞද්ධ අපි මේවා දන්නා දේවල්නෙ. මේවා අපේ බෞද්ධ පොතපතේ තියෙන දේවල්නෙ. (නි)
මේක දැන් විලාසිතාවක් වෙලා. විද්‍යාවෙන් මොනවාහරි හොයාගත්තම ඒකට ආගම පටලවාගෙන අර ආගමේ මෙහෙම තිබුනා, මේ ආගමේ මෙහෙම තියනවා, ඒක විද්‍යාවට එකඟයි කියනවා... වගේ රටේ නැති දේවල් කියවනවා. මගේ මතය ආගම එකක්, විද්‍යාව තව එකක්. ආගමෙන් විද්‍යාවවත් විද්‍යාවෙන් ආගමවත් දිහා බලන්න බැහැ. මතක තියාගන්න. ආගම් තියෙන්නේ මිනිස්සු හදන්න වුණත් මේ ලෝකේ වැඩිම ලේ ප්‍රමාණයක් හැලිලා තියෙන්නේ අදත් හැලෙන්නේ ආගම් මුල්කරගත් යුද්ධ නිසා බව (නි)
හාමුදුරුවෝ චිත්තානුපස්සනාව ගැන ඊට වඩා හොදින් විස්තර කරනවා. ස්තුතියි. (නදී)
බුදුරදුන් මේවා ලොවට පෙන්වා දුන්නා. තවත් උනන්දු වෙලා තව ගැඹුරින් අභිධර්මය හදාරන්න උනන්දු වේවා කියා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි! (නි)
මම අත් දැකීම ලද කෙනෙක්. ඒත් සියලූම දෙනා අභිදර්මය ගැන හොඳ දැනීමක් තිබෙන අයවීම ගැන සියලු දෙනාටම මගේ ගෞරවය. අපි බුදු දහමින් ලබාගත්තා උෟ සියලු දැනුම එ්ක රාශීකර බැලුවහම ඔය කියන දේ සත්‍යයකි. අප හැමදේම ධර්මානුකුලව හිතන්න පුරුදු වෙමු. එතකොට සත්‍ය වැටහේවි. බුදු දහම සත්‍යයි (නදී)
සමිරු නියම කතාවක් කියලා තියෙන්නේ විද්‍යාව ආගම පටලාගන්න එපා කියන එකට. පුනර්භවය ආත්ම මනස මේ හැම දෙයක් ගැනම පැහැදිලි විග්‍රහයක් තියෙන එකම ඉගැන්වීම බෞද්ධ දර්ශනයයි. විද්‍යාව කියන දේ තව ගොඩාක් දියුණු වුණත් බෞද්ධ දර්ශනයේ තියෙන සමහර දේවල් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියන සීමාවලට දාන්න බැහැ. එක ගෝචර වෙන්න දියුණු මනසක් අවශ්‍යයි.
මමත් ඔය අත්දැකීමට සජීවීව මුහුණ දුන්නා... අපාය බුදුන් දේශනා කළ ආකාරයෙන්ම පවතිනවා... පිං කරන්න.... සියළු සතුන් ලොව සැනසේවා.....තෙරුවන් සරණයි......(අ)
මේ තරම් සන්නිවේදනය දියුණු සමාජයකත් තවමත් අඳුරේ අතගාන ස්වභාවයක් පවතින්නේ. මිනිස් මනස තවමත් මිත්‍යාව නැමති සිරගෙය තුල සිරවී ඇති බවකුයි මට හැගෙන්නේ. බුදුදහමේ අභිධර්මය නම් මහාර්ග දේශනාවක් තිබෙන බවක් අඩුතරමේ බෞද්ධයන්‍ෙ වත් නොවැටහෙන්නේ මන්ද කියා මසිතට විමතියකි ඇත්තේ. කරුණාකර ආගම භේද නොබලා අභිධර්මය පොතක් කියවා බලන්න. මෙය වෙනත් භාෂා වලිනුත් තිබෙනවා. ඔබට නියම පිළිතුරක් ඒ අනුව ලබාගන්න පුළුවන්. (නදී)
විද්‍යාවෙන් කවදාවත් බුදුදහම බොරු වෙන සංකල්පයක් ඉදිරිපත් වෙලා නැහැ. විද්‍යාව කියන්නේ අපට පෙනෙන ලෝකය අපට පෙනෙන ලෝකය තුලින් නොපෙනෙන ලෝකය දකින්න උත්සහ කරන්න. අපේ බුදු රජාණන් වහන්සේ එදා කලෙත් එ්කයි (නදී)
මිනිස් විඥානය කුමක් ද කියා දැන ගැනීමට නම් බෞද්ධ දර්ශනයේ එන අභිධර්මය හැදෑරුවොත් ලේසියෙන්ම අවබෝද කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේක දැනගත්තේ මීට අවුරුදු 2550 කට පෙර. (නදී)
මුදිත,සෑම්,දොන්,දහනායක,ළමාහේවා,බුද්දික, ඔබලා සසරේ පින්කර තිබෙන අය. සත්‍ය තිබෙන්නේ කොහෙද කියල ඔයගොල්ල දන්නව.(අ)
මම ගොඩක් දවසකට පස්සේ මේ පත්තරේ බලන්ඩ ආවෙ මමත් මේ සමාජයේ සාමාන්‍ය බෞද්ධයෙක්. මට ඇත්තටම ආසා හිතුනා මේ දලා තියෙන අදහස් දැක්කාහම. ලංකාවේ බෞද්ධ සාසනේට පින්සිද්ධ වෙන්ඩ අපේ රටේ තරුන කොල්ලන්ගේ මනස මේච්චර පැහැදිලි හා දියුනු තත්වේක තියෙනවාද කියල මට හිතෙනවා, ඇත්ත ඇති සැටියෙන් දකින බෞද්ධ දර්ශනයෙන් ඵ්කට දෙන මේ වගේ උත්තර වලින්ම ඵ්ක මනාව පැහැදිලි වෙනවා. බෞද්ධ සාසනය තවතවත් වඩා වර්ධනය වේවා ලංකා වාසි සියළු බෞද්ධයින්ට නිරෝගි සුව පාර්තනා කරනවා තෙරුවන් සරණයි! (නදී)
වතුරුගම නන්දසිරි හාමුදුරුවෝ චිත්තානු පස්සනාව ගැන හොදින් විස්තර කරනවා. සර්ච් කර බලන්න ස්තුතියි (නදී)
අමුතු පරීක්ෂණ අවශ්‍ය නෑ. බුදුදහම අධ්‍යනය කරන්න. පිළිතුර ලැබේවි. (නදී)
කාටද හරියට කියන්න පුළුවන් මරණ මංචකයේදී වෙන දේවල්?.හොඳ හෝ නරක දර්ශනයක් පෙන්නුම්කරන එක නම් දන්නවා අවරුදු 1400 ට කලින් ඒක මිනිසාගේ ජීවන රටාවට අනුකුලවයි වෙන්නේ (නදී)
වැඩිය පර්යේෂණ එපා. බුදු දහම හදාරන්න. (නදී)
ඔබලාට අභිධර්මය පහසුවෙන්ම ඉගෙන ගන්න මගක් තිබෙනවා. ඒක තමයි රේරුකානේ චන්දවිමල නාහිමියන් රචිත අභිධර්ම මාර්ගය කියන පොත. ඒක නොමිලයේම ඉන්ටර්නෙට් එකෙන් කියවන්නත් පුළුවන් (නදී)
මමත් එවැනි දෙයකට මුහුණ දුන් අයෙක් (නදී)
විදසුන් (බවුන්) වඩන්න, සියල්ල වැටහේවි. 'විඥානය','විඥානය' ම, පමණයි. 'විඥානය' මිනිස් කයකට රිංගාගත් විට එකී කයට ප්‍රාණයක් ඇතැයි කියමින් මිනිසා, ගැහැණිය, දරුවා, පුතා, දුව, ආදී වශයෙන් ඔහු හෝ ඇය දකින්නන් නම් කරනවා. එකී සිරුරින් 'විඥානය' ඉවත්ව ගියකල, මියගියා හෝ මළකඳ කියනවා, භූමදාන කරනවා. 'විඥානය' වෙනත් කළලයකට ඇතුළු වූ විට, එකී කළල පරම්පරාවේ ලක්ෂණ අනුව මීයා, පූසා, අලියා, ගිරවා, භූතයා, ප්‍රේතයා, ආදී ලෙසින් අප ඔවුන්ව නම් කරනවා. විඥානයේ නොනවතින ගමන නතර කළදාට, සියළු දුකින් නිදහස් නිවන අත්පත් කරගත් බව වැටෙහෙනවා. ඉන් එහා 'විඥානයෙහි' පැවැත්මක් නැහැ. (නි)
අභිධර්මය තුල තම දැනුම වැඩි කරගත්තු අය ඉන්නව කියලා අදහස් බලද්දි පේනවා. ඇත්තටම සතුටුයි. වාද අවශ්‍යය නෑ. නම්‍යශීලීව තම ස්ව අධ්‍යයනයන් කරොත් සංසාරය එගොඩ වෙන්න පුලුවන් වෙයි. තමන් ඉන්න ආගම තවත් දර්ශණයක් තේරුම් ගන්න බාධාවක් කරගන්න එපා. (නදී)
ලලිත් කෝදාගොඩ සහ ජයාත් මහත්වරුන් දෙපළ අභිධර්මය ටිකක් හැදෑරුවොත් නරකද? ඔබ දෙදෙනා සැරසෙන්නේ තවත් ආගමික යුද්ධයකට ද කියල සැකයි (නදී)
ඉතා හොඳ ලිපියක් (නි)
අපි මේවා අභිධර්මයෙන් තේරුම්ගන්න උත්සහ කලාට ලෝකේ වෙනත් ජාතින් මේවට උත්තර හොයන්නේ විද්‍යාවෙන් කොහොම හරි කමක් නෑ මේ පරීක්ෂණ කරලා කරලා එයාලටත් වැටෙහෙන්න ඕනි මේ උතුම් බුදු දහම ඇත්ත කියල නේද ? (අ)
බුදු දහම යනු අපට වසන් වී ඇති ලොවේ අඳුරු පැතිකඩ පිළිබඳ හෙළිදරව්වක්. තථාගතයන් වහන්සේ කෙනෙක් මහත් වීර්යයක් ගන්නේ තුන්ලෝකයට මෙය පහදාදීමටයි. (නි)
හොඳ ලිපියක්! (නි)
බුදුදහම අනුව පමණි මේක තේරුම් ගන්න පුළුවන්. ඇමෙරිකාව මේවා දැන් කරගෙන යනවා. (නි)
බුදුරදුන් මේවා ලොවට පෙන්වා දුන්නා. අපි මේ බව දන්නේ දහම් පාසලේ පළවැනි ශ්‍රේණියේදී. (නි)
පොතපත කියවලා තේරුම් ගන්න අමාරුයි නිවැරදි අභිධර්මය. පොතපතින් ලැබෙන අභිධර්ම දැනුම, ඉතිහාසය, භූගෝලය, රසායන විද්‍යාව ආදී වෙනත් විෂයයන් පාඩම් කරලා ලබන දැනුම වගෙයි, වැඩි වෙනසක් නැහැ. තත්වාබෝධයෙන්ම දැනගන්න නම් බවුන් වඩන්නම ඕනෑ. එවිටයි බුද්ධිය, ප්‍රඥාව, පහළ වෙන්නේ. දැනුමත්, (බුද්ධියත්) ප්‍රඥාවත් සම්පූර්ණයෙන්ම වෙනස් දෙකක්. (නි)
ආත්මයක් කියා දෙයක් ලොව තුළ නැහැ. ඇත්තේ විඥානයක් පමණයි. දියුණු විඥානයට සියල්ල දැකගත හැකියි. ඇස්, කන්, නාස් ආදිය අවශ්‍ය නැහැ. (නි)