මියන්මාරයට (බුරුමයට) ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාවන දිනය ඉතා ආසන්න යැයි එරට ප‍්‍රජාතන්ත නායිකා අවුන් සාන් සූ කී පවසයි. සූ කී මේ බව කියා සිටියේ ඊයේ (12) ඇමෙරිකාවේ පිහිටුවූ ‘ආසියා සංවිධානය’ ඇයට සම්මානයක් පිරිනැමූ අවස්ථාවේදීය. මෙතෙක් කලක් බුරුමයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා වී නොතිබුණ ද දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය බුරුමයට ළඟා වෙමින් පවතින්නේ යැයි සූ කී පැවැසුවාය. සූ කී එම අවස්ථාවේදී මෑත කාලයේ ව්‍යවහාරයට ගත් ‘මියන්මාරය’ යැයි නොකියා අතීතයේ භාවිතා කළ ‘බුරුමය’ යන නමින් නැවතත් ඇගේ රට හඳුන්වාදීම ද ඉතා සුවිශේෂී සිදුවීමක් යැයි විදෙස් පුවත් වාර්තා කර තිබුණි. මියන්මාරයේ නව සිවිල් රජය එළැඹෙන අපේ‍්‍රල් මාසයේදී අතුරු මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර සූ කී ද ඊට ඉදිරිපත් වීමට සූදානම් වන්නීය. නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන සූ කී ගතවී ගිය විසි වසරින් වැඩි කාලයක් ගත කළේ නිවාස අඩස්සියේය. ඇයට නිදහස හිමිවූයේ ඉකුත් වසරේ මියන්මාරයේ පැවැති මහ මැතිවරණයෙන් පසුවය. එම මැතිවරණයෙන් ජය ගත්තේ මියන්මාර හමුදාවට හිතවත් දේශපාලන පක්ෂය. මියන්මාර නව සිවිල් රජය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා හඳුන්වා දුන් දේශපාලන ප‍්‍රතිසංස්කරණ විදේශවල පැසැසුමට ද ලක්වී ඇත.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාරයට ප‍්‍රජාතත්ත‍්‍රවාදය උදාවෙන දිනය අත ළඟයි