හෘදයාබාධ වැළඳීමට ඇති එකම හේතුව නූතන සමාජයේ පවතින සෞඛ්‍ය සම්පන්න නොවූ ජීවන රටාව පමණක් නොවන බව විද්‍යාඥයින් පවසයි. ඊජිප්තුවේ ඇති මමිවලත් ධමනි අවහිරතා තිබු බව සොයා ගැනීමෙන් පසු මේ නිගමනයට එළැඹ ඇත.

වසර 4000 ක් පැරණි මමියක් සීටී ස්කෑන් පරික්ෂාවට ලක්කිරීමේදි ඒවායේ ධමනි ඝනවි ඇති අයුරු පෙනි ගොස් ඇත. මෙම තත්වය හෘදයාබාධ හා ආඝාතය ඇති වීමට ප්‍රධානම හේතුවයි. මීට ඉහතින් කරණ ලද අධ්‍යනයන්හි දී හෙලිදරව් වී ඇත්තේ මෙම මමී විශාල සංඛ්‍යාවක මේදකෘතවූ ධමනි තිබු බවයි. නමුත් පර්යේෂකයන් මෙම සොයාගැනීම් ගැන නොසලකා ඇත්තේ ඔවුන්ගේ සුඛෝපභෝගි හා මේදය සහිත ආහාර රටාව මෙම තත්වයට හේතුලෙස සලකමිනි.

රුධිර නාල සිහින්වීම හෘදයාබාධ ඇතිවීමට බලපාන ප්‍රාථමික හේතුව වන අතර ආඝාතය ඇතිවීමට හේතුවන්නේ මොලයට රුධිරය සැපයීම අඩුවීමයි. මේ දක්වා විශ්වාස කළේ වර්තමානයේ හෘදයාබාධ සහ ධමනි ඝනවීම් ආදිය ඉහළ යාමට හේතුව සෞඛ්‍ය සම්පන්න බවින් අඩු ජීවන රටාව බවයි.

රුධිර නාල සිහින් වීමේ රෝගය නූතන ශිෂ්ඨාචාරයේ රෝගයක් විය හැකි බව කයිරෝහි අල් අෂාර් විශ්ව විද්‍යාලයේ විශේෂඥ හෘදරෝග පිලිබඳ වෛද්‍ය අඩෙල් ඇලම් පවසා ඇත. අඩෙල් පවසන්නේ අපි කෑමට ගන්නා වැරදි ආහාර, ව්‍යායාම මදකම, තරබාරුව සහ දියවැඩියාව මෙම රෝගයන්ට හේතුබවයි, අපේ මුතුන් මිත්තන් ගේ ජීවන රටාව පිලිබඳව නැවතත් සොයාබලා එම රටාවන් අනුගමනය කල හොත් මෙම ප්‍රශ්න වලින් මිදිය හැකි බවද අඩෙල් ගේ අදහසයි.

විද්‍යාඥයින් විසින් ලෝකයේ විවිධ රටවල මමියන් 76 ක් ස්කෑන් පරික්ෂාවට ලක්කර ඇති අතර මෙයින් සියයට 38 කගේ ධමනි අවහිර වීමේ රෝගය තිබු බව සොයාගෙන ඇත. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ  හෘදයාබාධ නුතන සමාජයේ රෝගතත්වයක් බව හැදින්වීම මිත්‍යාවක් බවයි. හෘදයාබාධ වැළදීමට ප්‍රවේණියේ බලපෑමක් ඇති බව ද පර්යේෂකයෝ කියති.