මිනිසාටත් කරමල් ලැබෙන දිනය වැඩි ඈතක නොවන බවක් පෙනෙන්නට තිබේ.

ජලයෙන් ඔක්සිජන් වෙන් කර ගන්නා කාරියේ යෙදෙන මත්ස්‍ය කරමල් හා සමාන ක්‍රියාකාරීත්වයෙන් යුත් උපකරණයක ආකෘතියක් නිපදවීමට දකුණු කොරියා ජාතික නිර්මාපකයෙක් සමත්ව තිබීම මීට හේතුවයි.

මෙම උපකරණය සාමාන්‍ය කිමිදුම් හිස්වැස්මකට යටින් පැළදිය හැකි වන සේ සකසා ඇති අතර එහි මුඛය හා සම්බන්ධ වන කොටසක් වේ. එම කොටස හා බැදී තිඛෙන්නේ දිගැති සිලින්ඩරාකාර ව්‍යුහ දෙකකි. ඒවායේ කුඩා සිදුරු ඇත. සිලින්ඩරාකාර ව්‍යුහයන් දෙක මුඛය හා සම්බන්ධ වන කොටස සමග එක්වන ස්ථානයේ කුඩා ප්‍රමාණයේ පීඩන යන්ත්‍රයක්, වියළි කෝෂයක් හා පරිපථ පද්දතියක් තිබේ.

ජලයේදී මෙම සිලින්ඩරාකාර ව්‍යුහ දෙක ක්‍රියාකරනුයේ කරමල් ලෙසය. ඒවායේ ඇති කුටීරයන් ජලයෙන් ඔක්සිජන් වෙන් කරගැනීමේ සමත් බව සදහන්ය. වෙන්කර ගන්නා ඔක්සිජන් මුඛය හා සම්බන්ධ වන කොටස වෙත යැවෙන අතර එම කොටස ඉරීමෙන් ඔක්සිජන් මුඛය ඔස්සේම සිරුරට ලබා ගත හැකියි. උරන වාරයක් පාසා සිලින්ඩර වලට ජලය ඇතුළුවීමත්, ඔක්සිජන් නිපදවීමත්, මුඛය කරා යැවීමත් සිදුවන පරිදි උපකරණය නිර්මානය කර ඇත.

අනාගත කිමිදුම්කරුවන්ට ඔක්සිජන් පිරවූ වායු ටැංකි මත යැපීමට අවශ්‍ය නොවන සෙයකි.

කෙසේවුවත් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බැවින් දැන්ම මෙවන් උපකරණයක් මිලදී ගැනීම උගහටය.නමුත් පර්යේෂණ කටයුතු සාර්ථකවී මෙවන් උපකරණ වෙළදපොළට පැමිණි පසු මිනිසා ජලයේද ආධිපත්‍ය පතුරවනු ඇ;'