කියුබාවේ හැවනා අගනුවරට ආසන්න කුඩා නගරයක් වන සැන්දියාගෝ ඩෙ ලාස් වේගාස් හි වැසියෝ පසුගියදා පණ පිටින් මිනිසෙක් වළ දැමූහ.මුහුණ විවර වනසේ සකස් කර තිබූ මිනී පෙට්ටිය ඔවුහු මිනී වළකට දැමූයේ විළාප නගමිනි.අනතුරුව ඒ මත පස්ද ඉස ඔවුන් සැරසුණේ එය වළලෑමටය.
නමුත් එක්වනම ඔවුන් අතුරෙන් නැගෙන්න ගත්තේ පී‍්‍රති ඝෝෂාවකි.මිනී පෙට්ටිය යළිත් ගොඩට ගත් ඔවුහු එහි සිටි පුද්ගලයා පිටතට ගෙන ඔහුව මත්පැනින් නහවා නගරයට ගෙන ගියේ ජයගොස නඟමිනි.මෙය සැන්දියාගෝ ඩෙ ලාස් වේගාස් නගරයටම ආවේණික වූ චාරිත‍්‍රයකි.මරණය හා යළිත් ජීවිතය ලැබීම මෙයින් නිරූපණය වේ.
අති දුෂ්කර දිවි පෙවතක් ගෙවන නගර වැසියන්ට මෙය ජීවිතය ගැන අලූත් හැගීමක් ගෙන දෙන්නේ යැයි සදහන්ය.
අවමගුලක් නිරූපණය කෙරුණද වැසියන් හැසිරෙනුයේ ඔවුන් උත්සවයකට සහභාගී වන්නා සේය.නගරයේ වීදි පුරා සරන ඔවුහු නටමින් ගයමින් පී‍්‍රතිද වෙති.
පණ ඇති මිනිසෙකුගේ මරණය සම්බන්ධයෙන් ශෝක වීම එම පුද්ගලයාට කරනා අගෞරවයක් නොවන්නේයැයි මෙහි වැසියන් දරන අදහසයි.ජීවිතයේ අභියෝග හමුවේ වැටුණද යළි යළිත් නැගිටීම මෙම චාරිත‍්‍රයෙන් නිරූපණය කෙරෙන්නේයැයි ඔවුහු පවසන්නෝය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනිසෙක් වළෙන් ගොඩ එයි
අෂේ Sunday, 09 February 2014 08:00 PM
පිස්සු නැත්නම් ෂෝක් (අ)
ටෙක්ලා Thursday, 13 February 2014 05:06 AM
මෙච්චර දියුණු ලෝකයේ මේ වගේ පිස්සු වැඩ. (අ)
කේරි Wednesday, 12 February 2014 02:55 PM
මනස්ගාත.(නදී)
ගුණේ Sunday, 09 February 2014 11:28 PM
නියම කලටි ! (අ)
නන්දන Tuesday, 11 February 2014 08:36 AM
මට හිතෙන්නේ රටේ සම්ප්‍රදාය වෙන්න ඇති. (දී)
ලංකාසිරි Monday, 10 February 2014 06:30 PM
මට නම් මෙයා ඇත්තට මැරිලා වගෙයි පේන්නේ.(නදී)
රූපා Monday, 10 February 2014 03:57 AM
මේවා අර ලංකාවේ බලි තොවිල වගේ නාටක වෙන්ට ඇති... (අ)
සත්‍යයා Monday, 10 February 2014 06:28 AM
ලංකාවෙත් ඔය යාග කර්මය කරනවා. හැබැයි පොලිසියෙන් ඇවිල්ල ගොඩ දැම්මේ නැත්නම් වලලපු මිනිහ ඊළඟ දවසේ ඉඳන් දෙවියන් ළඟ.(නදී)
සමන් රොහාන් රණසිංහ Wednesday, 12 February 2014 07:36 AM
සමන් රොහාන් රණසිංහ, මම නම් දැකලා තියනවා කට්ටඩියා මිනී වලේ බැහැලා ජපකරනවා. මේකත් ඒහෙම එකක් වෙන්න ඇති. (නදී)
නැනි Wednesday, 12 February 2014 09:16 AM
අපිව නම් ඉතින් වැළලිලා ඉවරයිනේ සදහටම.(නධී)
සුජී Wednesday, 12 February 2014 09:19 AM
පිස්සු නැත්නම් හොඳයි.(නදී)
කෝලිත Wednesday, 12 February 2014 09:21 AM
පිස්සු නේද? (නදී)
විද්‍යා Tuesday, 11 February 2014 12:56 AM
ඒකනේ තවම කියුබාව හිඟන රටක් විදිහට තියන්නේ. (දී)