IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මිනිසා නැති වන දවස වැඩි ඈතක නොවේ

ආර්ථික අර්බුදයන් හා ස්වභාවික සම්පත් ශීඝ‍්‍රයෙන් ක්ෂය වෙමින් පැවතීම නිසා දශක කිහිපයක් ඇතුළතදී වත්මන් මානව ශිෂ්ටාචාරයේ විනාශ වී යාමේ ලකුණු පෙනෙන්නට ඇතැයි ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනය (නාසා) ලෝක ප‍්‍රකට ගණිතඥයින් පිරිසක් හා එක්ව කළ පර්යේෂණයකින් හෙළිව තිබේ.

විනාශය ඉක්මන් කරවා ඇති පුද්ගලයින් යැයි පර්යේෂණයෙන් ඇගිල්ල දිගු කර ඇත්තේ ලොව ඉතා ධනවත් හා උසස් යැයි සම්මත සමාජ තලයේ වෙසෙන්නන් වෙතටය.

මෙවන් පුද්ගලයින් සුළුතරයකගේ වුවමනා එපාකම් හා අරමුණු වෙනුවෙන් බහුතරයගේ අවශ්‍යතා අමතක කර ලොව ස්වභාවික සම්පත් අයුතු ලෙස යොදාගනිමින් තිබීමත්,ඔවුන්ට වුවමනා පරිදි ආර්ථික කටයුතු හැසිරවෙමින් තිබීමත් වත්මන් මානව ශිෂ්ටාචාරය විනාශයේ ඉම කරා ගෙනයමින් තිබෙන බව පර්යේෂණය සිදුකළ ගණිතඥයෝ කියති.

ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් පමණක් දැනට කටයුතු කරමින් සිටින ඇතැම් රටවල් විනාශය අභිමුඛයෙහි ඔවුන්ගේ කි‍්‍රයාකලාපයන් ලොවට වැඩදායී වන සේ වෙනස් කිරීමට කටයුතු කළත් ඒ වන විට ඊට ප‍්‍රමාදවී තිබෙනු ඇතැයි ගණිතඥ පිරිස අනතුරු අගවති.

සම්පත් හිග වූ විට,ආර්ථික අර්බුදයන් දරුණු වූ විට වත්මන් මානව ශිෂ්ඨාචාරයේ පැවැත්මක් අපේක්ෂා කළ නොහැකි යැයි ඔවුහු කියති.සාගතය මිනිසා පෙළනු ඇතැයිද,අල්ප වූ සම්පත් වෙනුවෙන් එකිනෙකා හා යුධ වැද ඔවුනොවුන්ම විනාශ කරගනිමින් ශිෂ්ඨාචාරයේ අවසානය කරා මිනිසා එළැඹෙනු ඇතැයිද ඔවුහු මත පලකරති.

අතීතයේද ශිෂ්ඨාචාරයන් කඩා වැටීමට හේතුවූයේත් මෙවන් හේතු යැයි ඔවුහු කියති.දියුණුවේ හිනිපෙත්තේම සිටි රෝම ශිෂ්ඨාචාරය,ගුප්ත ශිෂ්ටාචාරය වැනි මානව ශිෂ්ටාචාරයන් විනාශ වූවේත් මෙකී සුළුතරයකගේ අවශ්‍යතා සැපිරීමට යාම නිසා බව ඔවුහු පවසති.

විසදුම ලෙස ගණිතඥ පිරිස පෙන්වා දී ඇත්තේ අසමාන ලෙස බෙදී ඇති සම්පත් සමානව බෙදී යන ක‍්‍රමවේදයක් ඇතිකළ යුතු වීමයි.කෙතරම් උත්සාහ කළද සියයට සියයක්ම සමාන වන පරිදි ස්වභාවික සම්පත් වල බෙදී යාමක් අපේක්ෂා කළ නොහැකි බැවින් පවතින සම්පත් වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට ලෝක ජනගහණයේ වැඩිවීමත් ක‍්‍රමවත්ව පාලනය විය යුතුව තිබෙන්නේයැයි ඔවුහු පෙන්වා දෙති.

ඉක්මනින් පියවර නොගන්නේ නම් වත්මන් මානව ශිෂ්ඨාචාරයේ අවසානය දැක බලා ගැනීමට වසර ගණනාවක් කල් මැරීමට සිදුනොවනු ඇතැයි ඔවුහු කියති.

 



අදහස් (0)

මිනිසා නැති වන දවස වැඩි ඈතක නොවේ

බණ්ඩාර Sunday, 23 March 2014 07:47 AM

තණ්හාවෙන් පොදි බැන්දට පණ කෙන්ද ගිය දවසට දාල යන්න වෙනවා කියන එක නොදත් අය නිසා තමා මේක සිද්ද වෙලා තියෙන්නේ...අවරුදු 2500 වඩා ප්‍රෞඩ ඉතිහාසයක් හා පැවැත්මක් අපිට තිබුනේ මෙන්න මේක තේරුම් අරගෙන බෙදා හදාගෙන ජීවත් උන නිසා නොවේද... (දී)

:       0       0

වල්පිට Monday, 24 March 2014 06:12 PM

අද හෙටම මේ ලෝකය විනාශ වෙන්න ඕන හැමෝගෙම ලොකුකම මාන්නය නැතිවෙලා යන්න (අ)

:       0       0

හේවාවිතාරණ Thursday, 20 March 2014 12:16 AM

ඒ ගොල්ලෝ දන්නේ නැතිද? (නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 20 March 2014 12:19 AM

දැන් මේ ගොල්ලෝ කයිවාරු ගැහැව්වට.(නදී)

:       0       0

හේවාවිතරණ Thursday, 20 March 2014 12:23 AM

ඕක අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මීට අවුරුදු දෙදාස් පන්සීය හැටකට පෙර බව ඔවුන් නොදන්නේද? (නදී)

:       0       0

රොකී Tuesday, 25 March 2014 09:41 AM

ලක්ෂමන් ජයවර්ධන උන්නැහේ හරියටම හරි. ඉස්සලම ඕක වෙන්න ඇත්තෙත් ලංකාවෙම තමයි.(නදී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන. Sunday, 23 March 2014 02:01 PM

මිනිසා කියන්නේ මනුස්සයාටයි. මිනිස්සු මැරිලා බොහෝ කල්. දැන් ඉන්නේ අමනුස්සයෝයි.(නදී)

:       0       0

නෙතුමි Saturday, 22 March 2014 08:44 PM

අදටත් මිනිසා නැති වෙමින් යනවා මිසක් දියුණුවක් නැහැනේ, මනුෂ්‍යත්වය නැතිවෙලා ඉවරයි ගොඩක් දුරට.(නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 20 March 2014 05:21 PM

දැනටමත් මිනිහා නැති වෙලා තමයි ඉන්නේ.(නදී)

:       0       0

සම්පත් Tuesday, 25 March 2014 11:28 AM

ලෝකෙටම සමාජවාදී ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි.(නදී)

:       0       0

ජිලෝ Thursday, 20 March 2014 09:08 AM

සමාජවාදී පාලන ක්‍රමයක් තිබෙන ලොවකට අපව රැගෙන යන්න උතුමාණෙනි !(දී)

:       0       0

නිරාන් Thursday, 20 March 2014 09:13 AM

ඒකනම් සහතික ඇත්ත (දී)

:       0       0

කුමාරි Thursday, 20 March 2014 09:36 AM

අද කොහෙද හෙටක් ගැන හිතන අය.හෙට මලත් අද ගැන විතරයි හිතන්නේ.(දී)

:       0       0

උපාලි Thursday, 20 March 2014 10:02 AM

බුදුහාමුදුරැවෝ ඕක දේශනාකරලා තියෙනවා ඒ නිසා බුදු දහමට අනුව කටයුත කරනවා නම් ඕවා මග හරවා ගන්න පුලුවන්(දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 23 March 2014 02:26 AM

ලෝකයේ සමාජවාදී වෙස්මුහුණ දමාගෙන ඉන්න චීනයේ පවතින්නේත් සුළු පිරිසගේ සුක විහරණය පමණක් මුලික උන පාලන ක්‍රමයක්. එහෙ කම්කරුවන්ට ලංකාවේ තරම්වත් වෘතිය අයිතිවාසිකම් නැහැ. ලංකාවේ දේශපාලකයන් කම්කරුවන් භාවිත කරන්නේ බලයට ඒමටයි. ඉන්පසු ධනවාදයේ සහ ඒකාධිපතිවාදයේ උපමරිමයට යති.(නදී)

:       0       0

දයා අලහකෝන් Thursday, 20 March 2014 11:13 AM

මේක තමයි ඇත්ත. (ත)

:       0       0

සෑම් Thursday, 20 March 2014 12:53 PM

එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ "" ජීවිතං අනියතන්" ""මරණන් නියතං"" ""එතකන් ජීවිතං "" ජොලියෙන් ගතකරන්"" (ත)

:       0       0

නිර්මලා Friday, 21 March 2014 01:22 AM

ධනේෂ්වර ආර්ථික ප්‍රතිපත්ති අධිකව සම්පත් විනාශ කරයි. ලංකාවටද වී ඇත්තේ එයයි. එබැවින්, සමාජවාදී ආර්ථිකයක් අපට අවශ්‍යම බව කිව හැකිය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site