නෙල්සන් මැන්ඩෙලාගේ දේහය මේ වන විට ප්‍රිටෝරිය නුවර යූනියන් රාජ්‍ය ගොඩනැගිල්ලට රැගෙන ගොස් ඇති අතර එහිදි රාජ්‍ය නායකයන් ඇතුළු බොහෝ දෙනකු මැන්ඩෙලාට අවසන් ගෞරව දැක්වීමට නියමිතය.
මැන්ඩෙලාගේ දේහය යූනියන් ගොඩනැගිල්ලේ දින තුනක් තැන්පත් කර තැබෙනු ඇත.
මැන්ඩෙලාගේ දේහය සහිත මංජුසාව රාජ්‍ය නායකන්ට ගෞරවය දැක්වීම සඳහා විවෘත කර ඇති අතර මැන්ඩෙලාගේ දේහයට ප්‍රථමයෙන්ම ගෞරව දැක්වූයේ මැන්ඩෙලාගේ පවුලේ සාමාජිකයන්ය. ඉන් අනතුරුව දකුණු අප්‍රිකා ජනපති ජාකෝබ් සූමා මැන්ඩෙලාගේ දේහයට ගෞරව දැක්වූයේය.
දේහය තැන්පත් කර තිබූ මංජුසාව දකුණු අප්‍රිකා ධජයකින් ඔතා තිබූ අතර දේහය ප්‍රිටෝරියහි යූනියන් ගොඩනැගිල්ලට රැගෙන යන මග දෙපස විශාල ජනකායක් රැස්ව සිටියහ.
සොකර් සිටි පාපන්දු ක්‍රීඩාංගනයේ සිට ප්‍රිටෝරියා නුවරට මැන්ඩෙලාගේ දේහය රැගෙන යනු ලැබුවේ විශේෂ රථ පෙළපාලියකිනි. එම දෙපස ආරක්ෂක අංශ සාමාජිකයන් සිරුවෙන් සිට මැන්ඩෙලාගේ දේහයට ආචාර කළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(විදෙස් මාධ්‍ය ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ලොවටම ආදර්ශමත් නායකයෙකි. (ස)
ඔය රටට ලෝකයේ ගෞරවනීය ස්ථානයක් අත් කර දුන් කෙනෙක්. දැන් ඉන්න නායකයෝ රට කනවා.(නදී)
රටක නියම නායකයෙක් ..අපේ නායකයෝ දැන්වත් ඇස් ඇරගෙන මෙවන් ආදර්ශමත්ලෝක නායකු ගෙන් පාඩම් ඉගෙන රට කරවනවා නම් අගෙයි .මැන්ඩෙලා යුග පුරුෂයාණනි ;ඔබට මොක් සුව පතමි ! (ස)
ඔබතුමා හොඳ මිනිසෙක්.ඔබතුමාට නිවන් සුව!!! (ස)
කලාතුරකින් ලොව පහල වන උතුම්, ශ්‍රේෂ්ට නායකයෙක්.ලෝකයෙන් නික්ම යනු දැකීම දුකයි. අමාමහ නිවන් සුවෙන් සැනසේවා....!!!! (ස)
මානව හිතවාදී නායකයාණෙනි, ඔබට නිවන් සුව පතමි. (ස)
ඔබතුමාට නිවන් සුව! (නි)
මැන්ඩෙලා දෙවියන්ගෙන් ලැබූ ජීවිතය ඵලදායී ලෙස ලොවට හා මිනිස් සංහතියට දුන්නා. (නි)
ඔබතුමා හොද මිනිසෙක්.ඔබතුමාට නිවන් සුව! (නි)