බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් හි පැවැති ඇමෙරිකා ජාතික ගායිකා ආරියානා ග්‍රාන්ඩේගේ ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළුව මේ වනවිට 22 කු ජීවිතක්ෂයට පත්ව 59 දෙනෙක් තුවාල ලබා සිටිති.
මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා ඉදිරි කටයුතු කරන බව ප්‍රකාශයක් කරමින් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ කීවාය.
බ්‍රිතාන්‍යයේ මුස්ලිම් ජාතිකයන් සිව් දෙනකුට මරු කැඳවමින් 52 දෙදනකුට තුවාල සිදු කරමින් 2005 වසරේදී ලන්ඩනයට එල්ල වූ මරාගෙන ප්‍රහාරයෙන් පසු එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙයයි.
බ්‍රිතාන්‍ය වේලාවෙන් සඳුදා රාත්‍රී 10.33ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරකයා පුපුරණ ද්‍රව්‍ය පුපුරා ගැනීමෙන් පසු මියගිය බව ද බ්‍රිතාන්‍ය පොලිසිය සඳහන් කළේය. සංගීත ප්‍රසංගය පවත්වා ඇත්තේ මැන්චෙස්ටර් හි පිහිටි 'මැන්චෙස්ටර් එරීනා' ගෘහස්ථ රංග ශාලාවේය. එය ප්‍රේක්ෂකයන් 21,000කට ආසන්න පිරිසකට එකවර පහසුකම් සපැයිය හැකි රංග ශාලාවකි.
''මෙම ප්‍රහාරය එක් පුද්ගලයකු විසින් කරන ලද ප්‍රහාරයක් බව අපි විශ්වාස කරනවා. මේ ප්‍රහාරය එක් අයෙක් කරන ලද්දක් ද නැතහොත් ජාලයක් විසින් සංවිධානාත්මකව කරන ලද්දක් ද කියා අපි සොයා බලනවා" යැයි මැන්චෙස්ටර් හි ප්‍රධාන පොලිස් කොස්තාපල් ඉයන් හොප්කින්ස් මහතා වාර්තාකරුවන් හමුවේ පැවැසීය.
සංගීත ප්‍රසංගය අවසන් වී යද්දි එක්වරම ඉතා විශාල ශබ්දයක් ඇසුණු බවත් මිනිසුන් කෑ ගසන හඬ ඇසුණු බවත් බොහෝ පිරිසක් ඉක්මනින් ගොඩනැගිල්ලෙන් ඉවත් වීමට උත්සාහ කළ බවත් සිද්ධිය ඇසින් දුටුවෙක් පැවැසීය.
සංගීත ප්‍රසංගයට රැස්ව සිටි බොහෝ පිරිස් විශේෂයෙන්ම තරුණ පිරිස් කෑ ගසමින් දිව යන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ට්විටර් සමාජ ජාලයේ පළව තිබුණි. එමෙන්ම මාපියන් තම දරුවන්ගේ ඡායාරූප හා විස්තර සමාජ ජාලවල පළ කරමින් තම දරුවන්ගේ විස්තර සොයන අයුරු ද දක්නට ලැබුණි.
''අපි සංගීත ප්‍රසංගය අවසන් ව පිටව යමින් සිටියා. අපි හිටියේ පිවිසුම් දොරටුව ගාව. එක්වරම විශාල පිපිරුමක සද්දේ අහුණා. හැමෝහ කෑ ගැසුවා" යැයි සංගීත ප්‍රසංගයට සහභාගි වී පිටව යමින් සිටි කැතරින් මැක්ෆාලෙන් කීවාය.
''සිදුවීම සම්බන්ධයෙන් මට තියෙන්නේ පුදුම දුකක්. මට හරිම කනගාටුයි. මට මුකුත් කියන්නේ තෙරෙන්නේ නැහැ. මට කියන්න වචන නැහැ" යැයි 23 හැවිරිදි අරියානා ග්‍රාන්ඩේ තම ට්විටර් ගිණුමේ පණිවියක් තබමින් සඳහන් කර ඇත.
සති දෙකහාමාරක කාලයකින් මහ මැතිවරණයකට මුහුණ දීමට සූදානමින් සිටින අගමැතිනි තෙරේසා මේ ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල ඥාතීන්ටත් තුවාල ලැබුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට ඥාතීන්ටත් තම කනගාටුව පළ කළාය. ඇය මෙන්ම කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් ජූනි 8 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු තාවකාලිකව නවතා දැමීමට ද කටයුතු කළහ.
"පොලිසිය මෙම ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු සොයා පුළුල් විමර්ශනයක් කර සියලු තොරතුරු සොයාගැනීම සඳහා අපට හැකි සියල්ල කරනවා. ප්‍රහාරයෙන් විපතට පත් සියලු දෙනාට අපගේ කනගාටුව ප්‍රකාශ කරනවා" යැයි නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනිය කීවාය. සිදුවීම සම්බන්ධයෙන් අගමැතිනි තෙරේසා මේ හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවීමට ද නියමිතව තිබිණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනටත් බ්‍රිතාන්‍ය ජනතාවටත් තම කනගාටුව ප්‍රකාශ කළ බව චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබිණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් අඟහරුවාදා (23) දහවල් වනතුරුත් කිසිවකුත් වගකීම බාරගෙන නොතිබිණ. කෙසේ වෙතත් 130 දෙනකුට මරු කැඳවමින් ප්‍රංශයේ පැරිස් නුවර බැටක්ලෑන් ප්‍රසංග ශාලාවට 2015 වසරේ නොවැම්බර් මාසයේදී එල්ල වූ ප්‍රහාර මාලාවට සම්බන්ධ ඉස්ලාමීය සටන්කාමීන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි එක්සත් ජනපද බලධාරීහූ සැක කරති.
ඉස්ලාමික් ස්ටේට් හෙවත් අයි.එස් සංවිධානයේ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රහාරය සමරමින් හා ඊට සතුට පළ කරමින් අදහස් දක්වා තිබූ අතර ඉදිරියේදී තව තවත් මේ ආකාරයේ ප්‍රහාර එල්ල වනු ඇතැයි ද සඳහන් කර තිබිණි.
ඉස්ලාමීය හා අනෙකුත් සටන්කාමීන්ගෙන් හා ප්‍රහාර එල්ල විය හැකි වැඩි අවදානමක් සහිත රට බ්‍රිතාන්‍ය යැයි හඳුනාගෙන තිබේ. සෑම දිනකදීම ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ යැයි සැක කෙරෙන එක් අයකු හෝ අත්අඩංගුවට ගන්නා බව බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත විමර්ශන පොලිසිය සඳහන් කරයි.
ඉකුත් මාර්තු මාසයේදී බ්‍රිතාන්‍යයේ උපත ලබා ඉස්ලාම් ආගමට හැරුණු පුද්ගලයකු ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාලම මතින් මෝටර් රියක් ධාවනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කඩා වැදීමට උත්සාහ කළේය. ඔහු කළ වෙඩි තැබීම්වලින් සිව් දෙනකුද පාර්ලිමේන්තුවට පිවිසීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහු පිහියක් යොදා ගනිමින් කරන ලද පහරදීම්වලදි පොලිස් නිලධාරියකු ද මරණයට පත්විය. පොලිසිය කළ වෙඩි තැබීම්වලින් ඔහු එම ස්ථානයේදීම මිය ගියේය.
වසර 2009 අප්‍රේල් මාසයේදී මැන්චෙස්ටර් හි පිටි ආර්ඩාලේ සාප්පූ මධ්‍යස්ථාන පුපුරුවා හැරීමට අල්කයිඩා සංවිධානය හා සබඳතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ පාකිස්තාන ජාතික අබිද් නසීර් නැමැති සිසුවකු අදාළ චෝදනාවලට වැරැදිකරු බව 2015 වසරේදී එක්සත් ජනපද අධිකරණයක් විසින් තීරණය කරනු ලැබීය.
වසර 1995 දී ආරම්භ කළ "මැන්චෙස්ටර් එරීනා" යනු යුරෝපයේ තිබෙන විශාලතම ගෘහස්ත රංග ශාලාවක් හා ක්‍රීඩා ස්ථානයක් වෙයි.
මාපියන් හා මිතුරන් තම දරුවන් හා මිතුරන් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර සොයා බලන අවස්ථාවේදීම ප්‍රහාරයෙන් තුවාල ලැබුවෝ මැන්චෙස්ටර් හා ඒ අවට රෝහල්වල ප්‍රතිකාර ලබමින් වූහ.
රොයිටර් ඇසුරිනි - 055













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝමාවතියේ ඕක පිපිරිලා ගොඩක් කල්, පරණ පන්සල් ඔක්කොම කුඩුවෙලා ගිහින් තිබුණු තැනක් වත් හොයාගන්න බැහැ.
මියගිය අයට, තුවාල ලැබූ අයට හා ඔවුන්ගේ පවුල්වල අයට කණගාටුව... නමුත් ශ්‍රී ලංකාවේ ඇතුළු සමහර රටවල ත්‍රස්තවාදීන් පෝෂණය කළ මහාබ්‍රිතාන්‍ය තැනගේ දෙබිඩි පිළිවෙත පරා වළල්ලක් වීම ගැන සතුටක් නැතුවා නොවේ !!!
කොහේද මේ චැනල් 7? අපේ රටේ උතුරේ තිබුණු ශිල්පය මේ පුපුරපු අයට දෙන්නේ කව්ද?
මේ අය නොහිටින්න මෙහෙත් තාම බෝම්බ පිපිරෙනවා.
19 ක් මැරිලා. 50 ක් තුවාලයි. ලොකු පිපිරීමක්... තලේබාන්, අල්කයිඩා අයි.එස්.අයි.එස්. වගේද?
එහෙත් සන්හින්දියාව ඇති කරන්න උපදෙස් දෙමු.
දැන් එතකොට මේකද සංහිඳියාව කියන්නේ...
මට මතක් වෙනවා එංගලන්තය කොටින්ට කරපු උදව්..., යුද්ධෙ දිනුවට පස්සෙ අපිට යුධ අපරාධ චෝදනා එල්ල කරන්න ආපු හැටි. මම ප්‍රාර්ථනා කරනවා තවත් බෝම්බ පුපුරන්න කලින් ඒ අයට ත්‍රස්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන් වේවා !!! කියලා...
ආ කමක් නැහැ, මානව හිමිකම් ත්‍රස්තවාදීන්ට ලැබෙනවනේ,... එයාල උන් වෙනුවෙන් දුක් වෙනවනේ, තව පිපිරීම් ගොඩක් අවම එයාලා කියයි ලංකාවට කියල බලන්න ඕනේ මේක ලිහා ගන්නේ කොහොමද කියලා? ඒ දවස වැඩි කලක් නොවෙයි.
ඕක සාමයේ ආගමේ අයගෙ සාම වෑයමක්. ඉස්සර නං මෙහෙම පුවත් අපේ රටේ තිබ්බෙ... මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු සියලු ආරාක්ෂක අංශ වලට පින් සිද්ධ වෙන්න අපි අද නිදහස්... එක අතකින් ඉතින් මෙහෙම වෙනවා අනිත් රටවලට කරන අපරාධ වලට ..
ඉතාම කනගාටු දායකයි. ත්‍රස්තවාදී ප්‍රහාරවලට එරෙහිව සියලු දෙනාම එකතු විය යුතුයි.
ත්‍රස්ත වැඩක් වෙන්න බැහැ. ඉස්සර ඒ ගොල්ල අපිට කියා දුන්න විදිහට ත්‍රස්තයෝ කියල කොටසක් නැහැ නොව, ඉන්නේ විමුක්ති අරගල කරන අයනේ. ඒ හින්ද මේක ත්‍රස්ත වැඩක් වෙන්න බැහැ. සමහරවිත විමුක්ති අරගල කට්ටියගේ වැඩක් වෙන්න පුළුවන්.
දැක්කත් නොදැක්කා වගේ ඉන්න. මොකද සහජීවනයට බාධාවන නිසා.
ලංකාවත් ඉදිරියේදී මේ තත්වෙට මුණදේවී. එතකොට කාට කාටත් තේරේවි. අපේ හාමුදුරුවෝ කෑ ගැහුවේ ඇයි කියලා. අනේ අපේ නුපන් දරුවෝ ගැන මට හරිම දුකයි ?
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලන විට ටික දෙනකුගේ මානව හිමිකම් කඩවීම වලක්වන්න බැරි බව දැන් දැන් බටහිර රටවලට තේරුම් යමින් පවතිනවා . සිඩ්නි ලින්ඩ් කැෆේ සිද්ධියේදී ප්‍රාණ ඇපකරුවෙක් මැරුවොත් පමණක් පොලිසියට එතනට කඩා පැනලා ත්‍රස්තවාදියාට පහර දීමට නියෝග දීපු අයටත් දැන් මොලේ ටික ටික පෑදීගෙන එනවා .
ඉවසන්න. මුස්ලිම් අයගෙ නම් දාන්න එපා. ජාතිවාදයට අහුවෙයි. අපිට බටහිර අය එදා කියපුවා. අද අපි එයාලට කියලා දෙමු. නමුත් දැන් එයාලටත් දිට්ඨ දම්ම වේදනීය කර්මය පලදීලා
මෙම කණගාටු දායක සිදුවීමේදී මම ඉතා වැදගත් වෙනස් කම් කිහිපයක් දුටුවා 1. ඉතා වගකීම් සහිත මාධ්‍ය භාවිතාව 2. එකදු මළමිනියක් හෝ තුවලකරයෙක් වාර්තා නොකිරීම 3. රෝහල් වල හදිසි කටයුතු වලට භාදා නොකිරීම 4. එක එකාට ඇගිලි දිගු නොකර ගැනීම 5. මෙවන් හදිසි අවස්ථාවකදී අවස්ථාවාදී දේශපාලන වාසි ලබා ගැනීමට තත් නොකිරීම 6. අවට සිටියවුන් ජංගම දුරකථන වලින් සිද්දිය පටිගත නොකිරීම 7. ජනතාව වටකරගෙන අනතුර නැරබීමට තත් නොකිරීම
හොරා නොහිටින්න මෙහෙත් තාම බෝම්බ පිපිරෙනවා.
අපිව ආක්‍රමණය කල දා ඉඳන් අපේ රටේ ජාතිවාද බීජය වපුරමින් බුදු දහම වනසමින් කල දේ වල සහ ප්‍රභාකරන් හුරතල් කල විපාකය එයාල දැන් විඳිනවා. මියගිය, තුවාල ලැබූ අය ගැන කණගාටුයි.