දුම්රියක් යට සිරවී සිටි කාන්තාවක බේරා ගැනීමට ජපාන දුම්රිය මගීහු පිරිසක් පසුගියදා සමත් වූහ.
ශබ්ද විකාශනයෙන් ඒවා පැවසුණු විට වහා දුම්රියෙන් එළියට බට මගීහු එක්ව දුම්රිය පසුපසට තල්ලූ කර එහි වූ රෝදයකට සිරව සිටි කාන්තාව බේරා ගත්හ.
සිදුවීමෙන් ලත් කම්පනය විනා ඇයට කිසිදු ශාරීරික හානියක් සිදුව නොතිබුණි.
කාන්තාව වහා රෝහලක් කරා ගෙන යනු ලැබුවාය. ඇය දුම්රියට පනින්නට ඇතැයිද පිම්ම වැරදී රෝදයේ සිරවන්නට ඇතැයිද සැකකෙරේ.
මෙම අවස්ථාවේදී ඡායාරූප ගැනීමට,වීඩියෝ පටිගත කිරීමට නොනැවතී එම කාන්තාව බේරා ගැනීමට සියල්ලෝම එකාවන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔවුන් පැසසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතන මාධ්‍ය වේදීන් ඉන්න නැතුව ඇති, සාමාන්‍ය ජනතාව දන්නවා මොකක්ද කරන්න ඕන දේ , එතන මාද්‍ය වේදියෙක් හිටියනම් බලන්න තිබුනා මොකද කරන්නේ කියලා.(නදී)
අයියෝ ඔක්කොම ඕක තල්ලු කරන්න ඕනද එක්කෙනෙක් අඩු තරමේ පොටෝ එකක්වත් ගැහුවා නම් අපිත් බලනවනේ (නදී)
මාධ්‍යවේදීන්ම ඉන්න ඕන නැහැ. (නදී)
මාධ්‍යවේදියා කරන්නේ ඔහුගේ රැකියාව. ඒක කොතනද කියලා නැහැ. (නදී)
ජයා කියන්නේ මහම මහා ආත්මාර්තකාමී කෙනෙක්. දැක්නේ දාලා තියන අදහස් (නදී)
ලෙඩාට මොනවා උනත් මොකෝ....බඩ සුද්ද කර ගත්තේ නැත්තේ ඇයි හුරෝ..(නදී)
ජපානේ කැමරා තිබිලම නෑ. මාද්‍ය තමා වැරදි?(නදී)
පෙනේද ජපානේ සිරි? (නි)
ජපානයේ දවසකට දෙන්නෙක් නැත්නම් තුන් දෙනෙක් පනිනවා දුම්රියට සිය දිවි නසාගන්න.මානසික සහ අාර්ථික ප්‍රශ්න. දුම්රිය ආයතනයට වන්දි ගෙවන්න වෙන්නේ පවුලේ අයට (නි)
ජපනා හපනා කියන්නේ නිකන්ද? (නි)