මාස 30 ක් පුරා පවතින සිරියා යුද්ධයේ බිහිසුණු බව සහ යුද්ධ කලාපයක ජීවත් වීමේ අපහසුව ගැන ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට අදහස් දක්වමින් සිටි දරුවන් තිදෙනකු අසල බෝම්බයක් පිපිරුණු අවස්ථාවක් විදෙස්  වාර්තාවල දැක්වේ.

කුඩා පිරිමි ළමයින් දෙදෙනකු සහ ගැහැණු ළමයකු යුද්ධය නිසා ඔවුන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් විස්තර කරමින් සිටියහ.

පිරිමි දරුවන් දෙදෙන බිම දිගා වන අයුරුත්, ගැහැණු දැරිය දුවන අයුරුත් දැක්වෙන වීඩියෝ ගත කැර ඇත.

එමගින් සාම සාකච්ඡා කිරීමට ප‍්‍රථම තාවකාලිකව හෝ යුද්ධ විරාමයක් තිබිය යුතු බව බලධාරීන්ගේ අදහසයි.