
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, බෙංගලූරු හින්දුස්ථාන් එරොනොටික්ස් ඉන්ජිනේරු සමාගමට ගොස්, ඉන්දීය ගුවන් හමුදාව සඳහා 'තේජා' නමැති ප්‍රහාරක ජෙට් යානා නිෂ්පාදනය කරන අයුරු නිරික්ෂණය කළේය.
'තේජා' යනු ඉන්දීය ගුවන් හමුදාවට අයත්, ඉන්දියාවේ නිෂ්පාදනය කරන, ඒක් නියමුවකුට පමණක් ඉඩ ඇති ප්‍රහාරක ජෙට් යානා වර්ගවකි. 'තේජා' සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයකි. ඉන්දීය ගුවන් හමුදාවේ පමණක් නොව, නාවික හමුදාවේ ද අභිමානය ලෙස 'තේජා' ප්‍රහාරක යානා හැඳින්වෙයි.
'තේජා' ගුවන් යානා නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මෝදි ගුවන් හමුදා නියමුවකු සමඟ ඉන්දීය ගුවන් හමුදාවට අයත් වෙනත් ප්‍රහාරක යානාවකින් කෙටි ගුවන් ගමනකට ද එක් විය.

තමන්ට එය අපූරු අත්දැකීමක් වූ බවත් ඉන්දීය ගුවන් හමුදාව ගැන අභිමානයක් ඇති වුණු බවත් අග්‍රාමාත්‍යවරයා පසුව පැවැසුවේය. ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යවලට එක් කිරීම ද මෝදි අමතක කළේ නැත
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොළවෙන් මතුවුණ ජනපති හිටියනම් මේ ඇඳුම කොපි කරනවා ෂුවර්. සඟ දාලා, අර හිනාව තද කරගෙන උඩින් උඩින් අඩි තිය තිය ගැම්මට යන හැටි මැවිලා පෙනිලා තේ එකත් ඉස්පොල්ලේ ගියා..
අපේ මහින්ද මහත්තය හිටියනම් අපිට ජෙට් නෙවේ රොකට් යානයක යන්න තිබුන.. කොහෙද මෙයාල චාන්ස් එක කෑවනෙ