අපි‍්‍රකාවේ කෘගර් වනෝද්‍යානයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකටය ඇතෙකු පහර දෙන දර්ශනයන් පෙළක් අන්තර්ජාලයට එක්වී තිබේ.
මෝටර් රථය පාපන්දුවක් සේ සලකා එයට පහර පිට පහර එල්ල කරනා ඇතා අවසානයේ එය අඩි ගණනක් දුරට විසිවීමට ප‍්‍රහාරයක් එල්ල කරන අයුරුත් එම දර්ශනයන්ගේ වේ.
වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථයේ ගමන් කර තිබෙන්නේ අලූත විවාපත් යුවළකි.වෙහෙසට පත් ඇතා පිටව ගිය පසු වහා වහා ඔවුන්ගේ සහයට පිටිපසින් සිටි වාහන වල ආවුන් රෝහල් ගත කළහ.
කාන්තාව ඇතාගේ දළයකට හසුවී තුවාල ලබා ඇතත් පිරිමියා කිසිදු තුවාලයක් නොලබා බේරීමට සමත්ව ඇත.කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්ය.
ප‍්‍රචණ්ඩකාරී ඇතා අල්ලා ගැනීමට වනෝද්‍යාන බළධාරීන් සමත්වී ඇති අතර එහිදී අනාවරණයව වී ඇත්තේ එම සත්ත්වයා ගතකරමින් සිටින්නේ මද කිපෙන සමය බවයි.තවද තුවාලයක් නිසා පීඩා විදිමින්ද සිටි ඇතැයි හෙළිවී තිබෙන අතර ඇතා මෙසේ කලබල කරන්නට ඇත්තේ දෙකෙහිම එකතුවක් ලෙස වන්න්ට ඇතැයි බළධාරීන්ගේ අදහසයි.
සතුන් සමග ගනුදෙනු කිරීමේදී නුවණ මෙහෙයවා කටයුතු කළ යුතුයැයි බළධාරීන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෙවැඩකට නැති දෙකට රණ්ඩු වෙන ලස්සන (අ)
නුවන්, නොදන්නා දේ කියන්න එපා. ඔයා ඔයා කියන ආගම් දෙකේම අනවශ්‍ය විදිහට (නැත්නම්, සාරංග කියන විදිහට) සත්තු මරන්න තහනම්. ඒ ආගම් වලට අයිතිය කියාගන්න සමහරු බොරුවට ආගම පිටින් දාලා තමන්ට ඕනේ දේ කළාට ඇත්තටම එහෙම සත්තු මරන්න ඒ ආගම් වල තහනම් (උදා: ඉස්ලාම් ආගමේ විනෝදෙට දඩයම් කරන්න තහනම්).(නදී)
"සාරංග" වැනි අය ලංකාවේ උන්නේ නැත්නම් අපේ රට තවත් සුන්දර වන්නට තිබුණා. (දී)
සාරංග මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා (අ)
අලියෙක් දැක්කාම තව තවත් ලගට යන මිනිස්සු ඉන්නවාද ලෝකේ (දී)
නාගරිකව ජීවත්වෙන පුහු සෝබන අවිහිංසාවාදී සත්ව ලෝලීන් කව්රුවත් ඔයවගේ බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දීල නැහැ. අලි කරදර තියන ගමක මිනිස්සුන් ගෙන් ඇහුවා නම් දැනගන්න පුළුවන් ඒ අය මොන තරම් දුකක් විදිනවද කියල ඔය සත්තු නිසා. ආයුධ දුන්නනම් ඒ අය අලි මරාගෙන කයි. ඒ තරම් වෛරක් තියෙන්නෙ.(නදී)
සාරංග. ඔහේව ගහක් කොළක්, සතෙක් නැති වෙනමම පළාතකට ගිහින් දාන්න ඕන ජීවත් වෙලා බලන්න. මිනිස්සු සත්තුන්ගේ ලෝකේ ආක්‍රමණය කරන්න යනකොට ඔහොම දේවල් වෙනවා. සොබා දහම පිළිබඳ කිසිම දැනීමක් නැද්ද?(දිල්)
සාරංග ඔච්චර නපුරු විදිහට හිතන්න එපා. ඒ තිරිසෙනෙක් නේ (දිල්)
මෝඩ කතා එපා ප්‍රේමකුමාර කොහෙද ඉස්කෝලේ ගියේ.(නදී)
සාරංග නමින් ඉන්නේ පෘතුගීසි කාරයෝ බලෙන් දීපු ආගමක් අදහන කෙනෙක් හෝ අරාබියේ සිට වෙළදාමේ ඇවිත් ලංකාවේ බින්න බැහැපු අයගෙන් පැවතගෙන එන කෙනෙක් වගේ.(දිල්)
සාරංගත් කතා කරන්නේ වන සිව්පාවෙකුටත් වැඩිය අන්ත විදියට. තව ටික දවසකින් කියයි තමන්ගේ ලමයවත් මරල දාන්න බැරි ඇයි කියලා. සාරංග, ඔයා ඔහොම කතා කළාට, බොහොමයක් මිනිසුන් ගස් කොලන් සතා සිව්පාවන්ගේ අගය දන්නා මිනිසුන්. සතා සිව්පාවන්, ගස් කොලන් තියෙන්නේ මිනිස්සුන්ට බයිට් වෙන්න නෙමෙයි.(නදී)
ඇතින්නක් නැද්ද? (නදී)
සාරංග, ඔයා මදුරුවො මැරුවට කමක් නෑ. අලි මරන්න එපා හොදේ.(නදී)
මේක විඩියෝ කරපු කෙනාට කදරයක් නැද්ද ? (නදී)
ඇති ෆුට් බෝල් ගහලා නතර උනා කොහොමද රගර් බොලේ වගේ අල්ලලා විසි කළා නම් (දී)
අලින්ගේ රාජදානිය එනිසා කරන්න දෙයක් නැහැ. (නදී)
අලියා මගහැර යාමට මාර්ගයේ හොදට ඉඩ ඇතත් ඉල්ලන් කා ඇති බවයි පේන්නෙ (ත)
විපතට පත් කෙනා බේරගන්න යමක් කරන්න තිබුනනේ.(නදී)
මේවා අපේ රටේ අයත් හොදින් මතක තබා ගත යුතුයි. කතරගම බුත්තල පාරේ ඉන්න අලියට කෑම නොදී එතනින් එන්න බැහැ. ඉස්සරහට එයාලත් මේ වගේ දරුණු වුනොත්? (අ)
මේක මේ සතා මිනිස්සු මරන්න කරපු වැඩක් නෙමේ. උගේ තරහට කේන්තියට කරපු දෙයක්.(නදී)
මගෙ කොමෙන්ටුව දැකලා ආසිරිටත් මද කිපිලා වගේ. (නදී)
ආසිරි, පරිස්සමින් වචන හසුරුවමින් මට අවශ්‍ය දෙය පලකරවා ගැනීමට ඔබට නැති හැකියාවක් මට තියෙනවා. ඒ නිසා මගෙ ඉස්කෝලෙ ගැන හොයන්න වද වෙන්න එපා.(නදී)
සාරංග ඉල්ලගෙන කෑවා නේද? (අ)
අප්‍රිකාවේ අලි මිනිස්සුන්ට ෆුට් බෝල් ගහන කොට ලංකාවේ මිනිස්සු අලින්ට ෆුට් බෝල් ගහනවා. (අ)
තිරිසන් සතුන්ට හිරිහැර කරන්න ගියහම මෙවැනි දේවලට මුහුණ දෙන්න සිදුවෙනවා. (අ)
නියමයි ඔහොම හිතුවොත් සාරංග. ලෝකය අයිති මිනිස්සුන්ට විතරද? (නදී)
මද කිපිලා කිව්වා නේද? පහර දුන්නේ කොහොමද? (නදී)
මරුති වර්ගයේ වාහනයක් වගෙයි.(නදී)
රජින්ද, සාරංග විතරක් නෙවෙයි නුවන් වගේ හිතන අයත් නැත්නම් ලංකාව මීට වඩා සාමකාමී සුන්දර රටක් වෙන්න තිබුනා. (අ)
මේ සිද්ධිය ගැනනම් කණගාටුයි. නමුත් කැලේ සත්තුන්ට කැලේ ඉන්න ඉඩදෙන්න. තවදුරටත් වන සතුන් යනු මිනිසාට විනෝදය, ආශ්වාදය සපයන භාණ්ඩ නොව පණ ඇති ජීවීන් බව මිනිසාට තේරුම් කිරීමට සතෙක් හෝ පාඩමක් කියා දුන්නාට කාරී නැත. කිසිදු මිනිස් ජීවිතයක් හෝ සත්ව ජීවිතයක් හෝ අනතුරින් බරපතල තත්වයට පත් නොවීම ගැන හදවතින් සුභ පතමි.! (දී)
කසාද බැන්දනම් ගෙදර යන්නේ නැතිව කැලේ අස්සේ රිංගන්න යනවට හොද පාඩම. ෂුවර් එකටම ඔය ඇතාට එයාගේ නෝනාගෙන් අලි කරදර ඇති. ඒක නිසා අඩුගානේ අමාරුවේ වැටෙන්න යන කොල්ලව බේරගන්න ට්‍රයි එකක් දෙන්න ඇති. (අ)
අලියා වසයි කියලා දැනගෙනත් මොකටද ලගටම ගියේ (දී)
මේ ඇතාටත් සාරංගගේ අදහස් තිබුනා නම් අර නව යුවල ඉවරයි.(නදී)
එතකොට 'බෝල්' වලට මොකද උනේ කියල සදහන් වෙලා නැහැ. (දී)
මරල දාන්න ඕන ඇතාව මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා වෙන්න ඕනේ. මදුරුවෝ නම් මරන්න පුළුවන් ඇයි ඇතාව මරන්න බැරි (දී)
මිනිසුන් ගේ සත්ව ඝාතන සංකල්පය ගැන මේ සාරංග කියන දේ තේරුම් ගන්න තරම් අනිත් ප්‍රතිචාර දාපු අයගේ ප්‍රඥාව වැඩිලා නැහැ වාගේ.(නදී)