මියන්මාර අතුරු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී පෙරේදා (3) මැතිවරණ වේදිකාවක කතා කරමින් සිටියදී හිටිහැටියේ අසනීප වූවාය.
එම අවස්ථාවේදී ඇය මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ නුවර ලක්ෂයකට වැඩි පිරිසක් අමතමින් සිටියාය. තමාට ක්ලාන්ත ගතියක් දැනෙන බව පවසමින් කතාව හදිසියේ නැවැත්වූ 66 හැවිරිදි සූ කී වේදිකාවෙන් බැස ගිය අතර ඇයට වෛද්‍ය ප‍්‍රතිකාර කඩිනමින් ලැබුණි.
”සූ කී රැස්ව සිටි පිරිස අමතන්න පටන් ගත්තේ සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් සිටිද්දීයි. දිගු වේලාවක් එකදිගට අව්වේ සිටි නිසා ඇයට ක්ලාන්ත ගතියක් ආ බව කීවා. දැන් ඇයගේ තත්ත්වය හොඳයි” යැයි පැය කීපයකට පසු සූ කීගේ වෛද්‍යවරිය ටින් මායෝ මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියාය.
මියන්මාර අතුරු මැතිවරණය පැවැත්වෙන්නේ ලබන අපේ‍්‍රල් පළමුවැනිදාය. ඒ වෙනුවෙන් සූ කී සහ ඇයගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මේ දිනවල මියන්මාරය පුරා යමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැලෙයි.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිවරණ වේදිකාවේදී සූ කී හදිසියේ අසනීප වෙයි