ඇමරිකාවේ නිව්යෝක් නුවර දුම්රියන්හි කලිසම්ක් නොමැතිව ගමන් කිරීමේ’ වාර්ෂික මෝඩ උත්සවය දහස් ගණනකගේ සහභාගීත්වයෙන් 13 වැනි වරටත් පැවැත්විණි.
ශීත සෘතුවේ මැද භාගයේ පැවැත්වෙන මෙම අවස්ථාවට සහභාගිවන්නන් සියල්ල කබා, තොප්පි, අත් මේස් දමා උඩු කයට ඇඳ සිටියත්, යටට ඇඳිය යුත්තේ යට ඇඳුම පමණි. මෙහි විශේෂත්වය එයයි.
එසේම සහභාගිවන්නන් අනෙක් අය හා කතා කිරීම තහනම් වන අතර දුම්රියේ මොන දේ සිදු වුවත් ඔවුන් සාමන්‍ය ලෙස හැසිරිය යුතු බව සංවිධායකයෝ කියති.
මෙය පළමුව 2002 වසරේ නිව්යෝක් නගරයේ පිරිමි ළමයින් හත් දෙනෙකු කළ පොඩි විහිළුවක් දුර දිග ගොස් දැන් එය මෝඩකමේ උත්සවයක් නමින් අන්තර්ජාතිකව පවත්වන උත්සවයක් බවට පත් වී ඇත. රටවල් 25 ක පමණ ජාතිකයෝ උත්සවයට එක්වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ නම් උදේ හවස රාජකාරි වෙලාවට තියන දුම්රියෙන් බස් එකෙන් ගියොත් කොහොමත් කලිසම සරම කමිසය නැතුව තමයි බහින්න වෙන්නේ , එ තරමට සෙනග (දී)
මැතදි ලංකාවේ සම්මත කරගත් නීතියකට අනුව පිරිමින්ට යට ඇදුම අනිවාර්යයි. එහෙත් යට ඇදුමට උදන් එකක් ඇදීම ගැන ඒ නීතියේ නැත ! ඒ නිසා මෙම ක්‍රීඩාව කිරීමට ලංකාවේ නීතියෙන් බාදාවක් නැත (දිල්)
ඔය රටවල මිනිස්සුන්ට කරන්න දේවල් නැහැ ඉතින් ඔය වගේ විකාර කරලා විනෝද වෙනවා.අපට නම් ඕව පිස්සු වැඩ තමයි. (දී)
හි හී... අනේ අම්මපා එක එක අයට හිතෙන දේවල් (දී)
ලැජ්ජනැත් වැඩ
මොකක්ද කුමාර නීතිය? මම නම් බස් වල යද්දී අඳින්නේ උඩ ඇඳුම් විතරයි.(නදී)
අපේ සමහර දේශපාලුවෝ කරන වැඩ වල හැටියට එයාලත් රෙදි නැතුවයි යන්න ඕන.(අ)
ඔව් ඉතින් කතා කරන්න ගියොත් මොනා කියයිද කුඩා දන්නේ (දී)
මොන බලු වැඩ කලත් හලෝ අමෙරිකවනේ, අනේ නියමයි කියල කියමු. අර අපේ පොඩි සිද්දියක් උනාම මුළු ශ්‍රී ලංකාවටම, සිංහල ජාතියටම බැනල ප්‍රතිචාර දමන අයට මෙන්න අවස්ථාව ඇමෙරිකාව කරන්නේ නියම වැඩ කියල කියන්න. (අ)
ඒක හොදයි නිශ්ශබ්දව කියවන්න (දී)
පිස්සු වැඩ (දී)