තමන් පිළිකා රෝගියකු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.
බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ, අතහැර දැමුණු ගල් අගුරු පතල් කම්හලක කළ සංචාරය කරමින්, මාධ්‍ය හමුවකට එක් වෙමිනි. බයිඩන් එම ප්‍රකාශය කරන වීඩියෝ දසුන් ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ප්‍රකාශය දුටු බොහෝ දෙනා බයිඩන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද කටයුතු කර තිබුණි.
තෙල් පිරිපහදු සහ ගල් අගුරු කම්හල් මගින් පරිසරයට විෂ නිකුත් වන බවත්, ඒවා ශරීරයට අහිතකර බවත් රැස්ව සිටි පිරිසට බයිඩන් පෙන්වා දුන්නේය. තමන් ද පිළිකා රෝගියකු බව ජනාධිපති බයිඩන් අනාවරණය කළේ එම අවස්ථාවේදීය.
එම ප්‍රකාශයත් සමඟ බයිඩන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කිරීමට පටන් ගත්හ. ඒ අනුව, ධවල මන්දිරය වහා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.
ධවල මන්දිරය පැහැදිලි කරමින් කියා සිටියේ ජනාධිපති ධුරයට පත් වීමට පෙර, බයිඩන්ට චර්ම පිළිකාවක් තිබුණු බවත්, ඔහු ජනාධිපති ධුරයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ එම පිළිකාවට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව බවත්ය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මට පිළිකාවක්: බයිඩන් කියයි