පොලිසියට හිසරදයක් මහජනතාවට මාරකයක් වන අධිවේගයෙන් ධාවනය වන මෝටර් රථයන්ගේ එන්ජිම දුර සිටම ක්‍රියාවිරහිත කළ හැකි උපාංගයක් බ්‍රිතාන්‍යයේ ඊටුවී නම් සමාගමක් නිපදවා ඇත.

මෙම උපකරණය තරමක් ප්‍රමාණයෙන් විශාල වන අතර එයින් විද්‍යුත් චුම්භක ස්පන්ද නිකුත් කෙරේ.මෙම විද්‍යුත් චුම්භක ස්පන්දයන් මෝටර් රථයක විදුලි පද්දතිය අවුල් ජාලයක් කිරීමේ සමත් අතර එම අවුල නිසාම එන්ජිමේ ක්‍රියාකාරීත්වය ඉබේම නවතින බව සදහන්ය.

ඊටුවී සමාගම පවසන ආකාරයට අධිවේගයෙන් ධාවනය වන රථයක් ගැන ආරංචිය ලැබුණු විට පොලිසියට එම රථය ධාවනය වන මාර්ගයේ මෙම උපකරණ අටවා තැබීමට හැකි වේ නම් මගමරුවා පහසුවෙන්ම අල්ලා ගත හැකිය.

අඩි 165 ක දුරකට විද්‍යුත් චුම්භක ස්පන්දයන් නිකුත් කිරීමට මෙම උපරණයට හැකියාව ඇති බව පැවසේ.

දැනට පොලිස් මෝටර් රථ වලට සවිකර ප්‍රයෝජන ගත හැකි සේ සකස් කර ඇති මෙම උපකරණය ඉදිරියේදී හෙලිකොප්ටර වලටත් සවිකළ හැකිසේ වැඩිදියුණු කිරීමට ඊටුවී සමාගම බලාපොරොත්තුවෙන් සිටී.