IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මංගල යෝජනාව මුදු පතුලේදී මෝරයි

තම පෙම්වතියට විස්මයජනක මංගල යෝජනාවක් කළ ඉංජිනේරු පෙම්වතෙක් ඇමරිකාවේ ටෙක්සාස් නගරයේ සිටියි. මිචෙල් බේසන් සියල්ල පෙරතියා සැලසුම් කර පෙම්වතිය ඇනා රෝල්ස් සමග මෙක්සිකෝහි විනෝද චාරිකාවකට සහභාගි විය.

එහිදී පෙම්වතිය සමග මුහුදේ කිමිදීමට අවස්ථාවක් සලසා ගත් මිචෙල් මුහුදු පතුලටම ගොස් ‘ඇනා, ඔයා මාත් සමග විවාහ වෙනවාද?’ යනුවෙන් සඳහන් කළ පුවරුවක් පෙන්වීය. එය අදහාගත නොහැකි සතුටට පත් ඇය එය අත් දෙකින්ම ගෙන ‘ඔව්’ යනුවෙන් සඳහන් කළාය.

මේ සියල්ල කලින් සවිකර තිබූ කැමරාවල සඳහන් විය. ඇනා නොදැනුවත්ව, මුහුදු පතුලේ සතුට භුක්ති විඳින ඔවුන්ගේ ආරක්ෂාව සඳහාද තවත් කිමිදුම්කරුවෝ  කණ්ඩායමක් ඔවුන් අවට සැරි සැරූහ.

මෙය සැලසුම් කිරීමට ඔහුට මාසයක් පමණ ගත වූ බව ඔහු සඳහන් කරයි. තම පෙම්වතිය නිතර වෙනස්ම දේකට කැමැත්තක් දක්වන නිසා මෙසේ කිරීමට සිතූ බව ඔහු පැවසීය.

 

 



අදහස් (0)

මංගල යෝජනාව මුදු පතුලේදී මෝරයි

අමල් Saturday, 22 February 2014 09:30 PM

හිත ගිය තැන මාලිගාව (දී)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 20 February 2014 09:41 PM

මරුනේ?මැරෙන වැඩක්නේ? (අ)

:       0       0

දිලිනි Wednesday, 19 February 2014 01:28 PM

පිස්සු නැත්නම් ෂෝක්

:       0       0

ගාමිණී - සිරි Wednesday, 19 February 2014 01:30 PM

මුහුදු පතුලේදී බැරිවෙලාවත් ...අකමැති උනා නම් එහෙම..ඉංජිනේරුවාගෙන් ගැලවීමක් නැහැ. ඇනාට වෙන්නේ මුහුදේදී ,තල්මහෙකුට ආදරය කරන්නයි (අ)

:       0       0

චන්දි Saturday, 22 February 2014 01:04 PM

ගැහැණුන්ගේ අදහස් තේරුම් ගෙන ගැහැනියගේ සතුටට හේතු රැස් කර තම පෙම්වතියට තම අදහස කියා දුන් නුබ සැබෑ ආදරය හදුනන රත්තරන් පිරිමියෙකි,ඔබ දෙදෙනාට මගේ උණුසුම් සුබ පැතුම්, හරිම වාසනාවන්ත සිදුවීමක්...!! (අ)

:       0       0

සෙලිනා Saturday, 22 February 2014 01:06 PM

ඔබේ සැප මගේ සතුටයි'' ඔහු ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වා දී ඇත (අ)

:       0       0

කිත්සිරි Friday, 21 February 2014 08:00 AM

නිතරම වෙනස් දේ දෙන්න ගිහින් මේ මනුස්සය අමාරුවේ නොවැටේවා ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2030 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site