(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන "අයිකන් ඔෆ් ද සීස්" ඉකුත් ජූනි මස 22 වැනිදා ෆින්ලන්තයේදි සිදු කළ පර්යේෂණ ගමනින් පසුව ප්‍රථම වරට නිල වශයෙන් විවෘත මුහුදේ යාත්‍රා කර ඇත.
රෝයල් කැරබියන් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව දිගින් මීටර් 365 ක් වන අතර බර ටොන් 250,800 බව පුරෝකථනය කර තිබේ. මෙම නෞකාවේ මගීන් 5610 දෙනකුට ගමන් කිරීමට පහසුකම් තිබෙන අතර කාර්ය මණ්ඩලය 2350 වන බව පැවැසෙයි.
විශේෂඥයන් 450කට අධික පිරිසක් දින හතරක කාලයක් නෞකාවේ ප්‍රධාන එන්ජිම, බඳ සහ ප්‍රචාලක පිළිබඳ මූලික පරීක්ෂණ සිදු කර ඇති අතර ශබ්දය සහ කම්පන මට්ටම් පිළිබඳවද පරීක්ෂා කර ඇත. මූලික පරීක්ෂණ වලින් පසුව "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව මේයර් ටුර්කු නෞකා අංගනය වෙත පැමිණ ඇති අතර 2024 වසරේදී දකුණු ෆ්ලොරිඩාවේදී මංගල ගමන සිදු කිරීමට නියමිතව තිබේ.
මෙම සුඛෝපභෝගී නෞකාව නිවාඩු ගත කරන්නන්ට මුහුදේ ඇති ලොව විශාලතම ජල උද්‍යානය පිරිනමනු ඇත.එසේම "අයිකන් ඔෆ් ද සීස්" නෞකාව එහි ගමන් කරන්නන්ට නිවාඩු නිකේතනයක්, තේමා උද්‍යානයක් සහ කෑම, බීම මෙන්ම විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා ක්‍රම 40 කට වඩා ලබා දෙනු ඇති බව රෝයල් කැරබියන් ඉන්ටර්නැෂනල් සමාගම පවසා තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මගීන් ගෙනයන්න දැවැන්තයෙක් සයුරට
Bunny Preena Friday, 30 June 2023 09:53 AM
ඪියමත පාවෙන සුරපුරය !!