ඉන්දියාවේ අහ්මදාබාද් සිට එංගලන්තයේ ලන්ඩන් අගනුවර තෙක් පියාසර කිරීමට ගුවන්ගත වූ ඉන්දීය මගී ගුවන් යානයක් කඩා වැටුණි. ගුවන් යානයේ මගීන් 242 දෙනකු සිටි බව මාධ්‍ය වාර්තා කරයි.
යානය එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් එකකි. එය අහ්මදාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වී මිනිත්තු කීපයකට පසු මෙසේ කඩා වැටුණු බව පැවැසෙයි.
කඩා වැටුණු යානය පිපිරී ගිනිගත් බවත්, ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ පහකට වැඩි ගණනක් ඒ සඳහා යෙදවුණු බවත් මාධ්‍ය වාර්තා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ශෝකජනකයි... මියගිය සැමට නිවන් සුව ලැබේවා...!
පසුගිය රජය කාබාසිනියා කරලා විකුනන්න ගියා... අපේ ජාතික ගුවන් සේවය ගැන ආඩම්බරයි .