IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මුඛ සෝදනයෙන් පිළිකා එයි

බහුල ලෙස මුඛ සෝදනයන් භාවිතා කරණ්නන්ට මුඛ පිලිකා ඇතිවීමේ ඉහළ  අවධානමක්  පවතින බව පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි  ග්ලැස්ගෝ විශ්ව විද්‍යාලයේ දන්ත විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ඩේවිඩ් කොන්වේ පවසයි.

දිනකට තුන් වරකට වඩා මුඛ සෝදන යොදා ගැනීම අහිතකර බව එම පර්යේෂණ වාර්තාව පෙන්වාදෙයි. මුඛ සෞඛ්‍ය  පිරිහුනු අය මෙම ද්‍රාවනයන් ගෙන් තම මුඛය සේදිම පුරුද්දක් කරගෙන තිබෙන බව පෙන්වා දෙන පර්යේෂකයෝ තම මුඛය බුරුසුවකින් ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් යොදාගෙන පිරිසිදු කර පිරිසිදු ජලයෙන් සෝදා හැරීම වඩා හිතකර බව කියති. 

මුඛ සෝදනවල මධ්‍යසාර  අඩංගු බවත් එමගින් පිළිකා ජනක සංඝටකයනට මුඛය තුලට කාවැදි යා හැකි බවට ප්‍රමානවත් සාක්ෂි ලැබි ඇති බවත් ඔවුන් පවසයි.

අධ්‍යයනය සඳහා ලොව රටවල් 13න් මුඛ පිලිකා රෝගීන් 1962ක් සහ නිරෝගි පුද්ගලයන් 1993ක් සහභාගීකරගෙන තිබේ. බොරුදත් පලඳින්නන් සහ දත්මුල් දියවන්නන්ගේ ද පිළිකා තත්වය වැළදීමේ අවධානම වැඩිවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ උපදේශක මහාචාර්ය ඩේමියන් වොල්ම්ස්ලේ පෙන්වා දෙන්නේ එම අධ්‍යයන මගින් අවසන් තීරණයක් ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් දුම්බීම, අධික ලෙස මත්පැන් පානය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර නොගැනීම මුඛ කුහරයේ සහ ගලනාලයේ පිලිකා ඇතිවීමේ ප්‍රබල සාධක බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

 



අදහස් (0)

මුඛ සෝදනයෙන් පිළිකා එයි

නිලන්ති Wednesday, 09 April 2014 03:10 PM

ඉතා වටිනා ලිපියක්. නොදන්නා බොහෝ දේ දැනගත්තා. ස්තූතියි ලංකාදීපය.මෙවැනි නිව්ස් තව තවත් පළ කරන්න ජනතාව දැනුවත් කරන්න. (ස)

:       0       0

ජයවර්ධන Wednesday, 09 April 2014 03:15 PM

සියලු දෙනාටම වැදගත් ලිපියක්. අද කාලෙ මොනවගෙද වස විස නැත්තෙ.ලෙඩ නොහැදිලා ඉන්න පුළුවන් කාටද? සමහර ලෙඩ මොනවද කියලවත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. (ස)

:       0       0

චන්දි Sunday, 06 April 2014 02:34 PM

එහෙනම් මමත් නැවත පාවිච්චි කරන්නේ නැහැ (ස)

:       0       0

රේමන්ඩ් Tuesday, 08 April 2014 02:24 PM

අපේ ආයුර්වේදයේ ඖෂධ ගැන මෙයිට වඩා ජනතාව දැනුවත් කළ යුතුය. (ස)

:       0       0

සමන්ති Monday, 07 April 2014 04:57 PM

අනේ මන්ද එතකොට රුපවති අක්කේ මේවා විස බව ඔයාල නොදනුවත්වමද පාවිච්චි කරන්නේ .අපේ රටේ සිංහල ආයුරුවේද ක්‍රම රාශියක් තියනවා. ඔයාට පුලුවන්නම් ඉක්මනින්ම ළඟම තියෙන ආයුරුවේද රෝහලකින් උපදෙස් අරගන්න මහත්තයා වෙනුවෙන් (ස)

:       0       0

දර්ශන් Monday, 07 April 2014 07:01 PM

ආයුර්වේදයේ ලෙඩ හොඳ කිරීමේ ක්‍රම රැසක් තිබෙනවා. සල්ලි දීලා පිළිකා හදාගන්නේ මොකටද? (නි)

:       0       0

රූපවතී Monday, 07 April 2014 11:31 AM

මම නම් දත් මැද්දට ..මෙවැනි දේවලට හුරුවෙලා නැහැ . ඒත් මගේ මහත්තයට මේ පුරුද්ද තියනවා ..? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2040 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site