මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින තැනැත්තා ද ආරක්ෂා වන බව ඇමෙරිකා එක්සත් රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මුඛ ආවරණ පැලඳීමෙන් එය පලඳින පුද්ගලයාත් ඔහු හෝ ඇය වටා සිටින පිරිසත් ආරක්ෂා කරන බව එම මධ්‍යස්ථානය මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් වන මාර්ගෝපදේශ යාවත්කාලීන කරමින් සඳහන් කරයි.
මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් තවමත් සමාජයේ කතාබහ පවතින අතර ඒ සම්බන්ධයෙන් දැනටත් විවිධ අධ්‍යයන සහ පර්යේෂණ කෙරෙමින් පවතී.
මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් මේ වනවිට ර්'විශ්වීය මුඛ ආවරණ පැලඳීමේ” ප්‍රතිපත්තියක් ද නිර්මාණය වී තිබේ.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අඟහරුවාදා දිනයේදී වයිරස ආසාදිතයන් 135,000කට වැඩි පිරිසක් හඳුනාගත් එය සතියක් ඇතුළත පැය 24ක් ඇතුළත වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තාගත ලෙස ඉහළ ගිය තෙවැනි අවස්ථාව විය.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 10.2 ඉක්මවා ගිය අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 239,000 ඉක්මවා ගියේය.
ලබන අප්‍රේල් මාසය වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වැසියන්ට නව කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා නිපදවන එන්නත ලබාගත හැකි යැයි එරට බෝ නොවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි එස්. ෆවුචි සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.
‘ද වොෂින්ටන් පෝස්ට්’ ඇසුරිනි
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුඛ ආවරණ පැලඳීමේ මාර්ගෝපදේශ අලුත් වෙයි