IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෙක්සිකෝවට භූමි කම්පාවක්

මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරය සහ දකුණු ගුඑරෝ පළාත ඊයේ (11) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.5ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගිය අතර එයින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. ඉගුවානා නගරයේ එකොළොස් වියැති දරුවෙකු සහ තවත් අයෙකු භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. භූ කම්පනයෙන් පසුව අගනුවර ප‍්‍රදේශ කිහිපයක විදුලිබල සැපයුම අඩාල වූ බවත් දුරකථන සන්නිවේදන පද්ධතිය ඇණහිටි බවත් වාර්තා වේ. භූ කම්පනයෙන් පසුව ප‍්‍රකාශයක් නිකුත් කළ මෙක්සිකෝවේ ජනපති ෆිලිප් කල්දෙරන් කියා සිටියේ මේවන විට භූ කම්පනයෙන් බරපතළ හානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති බවයි. මෙක්සිකෝ සිටි නගරයට කිලෝමීටර් 166ක් ගිනිකොණ දෙසින් පිහිටි කිලෝමීටර් 65ක් පොළොව අභ්‍යන්තරයෙහි භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි භූ විද්‍යාඥයෝ පවසති. මෙක්සිකෝව පැසිෆික් ගිනිවළල්ල ආශි‍්‍රතව පිහිටා ඇති රටක් නිසා නිරතුරු භූ කම්පන ඇති වීමේ අවදානම පවතින අතර 1985 වසරේ දී එරටට බලපෑ රික්ටර් මාපකයේ 8.1ක දරුණුම භූ කම්පනයෙන් පුද්ගලයින් දසදහසක් පමණ ජීවිතක්ෂයට පත් වූහ.



අදහස් (0)

මෙක්සිකෝවට භූමි කම්පාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site