IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැක්සිකෝ හි හිටපු ආණ්ඩුකාර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට එන්න පක්ෂය මාරු කරයි

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පාක්‍ෂිකයෙකු ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් තිබුණත් එම අදහස මදක් වෙනස්කර ඇතැයි නිව් මැක්සිකෝහි හිටපු ආණ්ඩුකාර ගැරී ජොන්සන් කියයි. ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවූ ජොන්සන් මහතා ඊයේ (28) කියා සිටියේ තමා රිපබ්ලිකන් පක්‍ෂයෙන් අස්වී ලිබරල්වාදියකු ලෙස මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි. ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බොහෝකල් සිට බලාපොරොත්තු තබාගෙන සිටින ජොන්සන් බලයට පත්වුවහොත් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන දැන් සිටම ප‍්‍රකාශයට පත්කර තිබේ. ඒවා අතර රජයේ වියදම් කපා හැරීම, බදු බර අඩු කිරීම හා මරිජුවානා අන්තරායකාරී ද්‍රව්‍ය නීතිගත කිරීම ආදිය ප‍්‍රධාන තැනක් ගනී. 1995 සිට 2003 දක්වා මැක්සිකෝවේ ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ජොන්සන් විවිධ යෝජනා හා පනත්, බොහෝ සංඛ්‍යාවක් සඳහා සිය නිශේධ බලය පාවිච්චි කර ඇත. එම සංඛ්‍යාව 750 කට ආසන්න බව කියැවේ. මෙම හේතුව නිසා ඔහුට -නිශේධ ආණ්ඩුකාරයා” යැයි විකට නාමයක්ද පටබැඳුණි. කඳු නැගීම, පාපැදියෙන් විනෝද ගමන් යාම, හිම මත ක‍්‍රීඩා කිරීම ආදී විනෝදාංශ ප‍්‍රිය කරන ගැරී ජොන්සන් මහතා දැනට ටා ඕස්හි පදිංචිව සිටී.



අදහස් (0)

මැක්සිකෝ හි හිටපු ආණ්ඩුකාර ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට එන්න පක්ෂය මාරු කරයි

ඉඳුනිල් Saturday, 31 December 2011 06:48 AM

මේ ලිපිය පාඨකයින් නොමග යවන සුළු මෙන්ම පැටලිලි සහගත තත්වයකට පත් කරනවා. ගැටලුව මෙක්සිකෝවේ ආණ්ඩුකාරයෙක් ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේද යන්න ? නිව් මෙක්සිකෝව යනු, මෙක්සිකෝව නම් රට නොව ඇමෙරිකාවේම තවත් එක් ප්‍රාන්තයක්. http://en.wikipedia.org/wiki/New_Mexico

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site