
මධ්‍යස්ථමතධාරී ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ට යළිත් ජනවරමක් හිමිවිය. ඒ, ප්‍රංශ ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී ප්‍රතිවාදී අපේක්ෂිකා මරීන් ල පෙන් පරාජය කරමිණි.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී 44 හැවිරිදි මැක්රොන් සියයට 58 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබුණු අතර, අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී අපේක්ෂිකා 53 හැවිරිදි අපේක්ෂිකා මරීන් ල පෙන් ට දිනා ගැනීමට හැකිවූයේ සියයට 42 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
ඒ අනුව, දශක දෙකකට පසු, පිටපිට ජනාධිපතිවරණ දෙකක් ජයග්‍රහණය කළ පළමු ප්‍රංශ ජනාධිපති ලෙස මැක්රොන් සැලකෙයි.
මැක්රොන්ගේ ජයග්‍රහණය තහවුරු වූ සැණින්, ල පෙන් මැක්රොන්ට සුබ පතමින් කියා සිටියේ එය ඉතා විශිෂ්ට ජයක් බවය. ‘ඒක ඇත්තමට විශිෂ්ට ජයග්‍රහණයක්. ජනමතයට මා හිස නමනවා. මැක්රොන්ට මා සුබ පතනවා’ යැයි ල පෙන් පැවැසුවාය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
561
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2265
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1698
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැක්රොන්ට යළිත් ජනවරමක්
Pradeep Kumara Monday, 25 April 2022 10:02 AM
අන්න එහෙමයි වෙනත් රටවල අය හැසිරෙන්නේ....! අපේ රටේ නම් පැරදුණු කෙනා කියන්නේ මැතිවරණය දූෂිතයි, සාධාරණව සිදුවුනේ නෑ, එයාලගේ අය හොර ඡන්ද දැම්මා වැනි දේවල්... මේ වගේ පරාජය නිහතමානීව විඳදරා ගනිමින් ජයග්‍රාහකයාට සුබපැතීමට තරම් හැකියාවක් අපේ අයට නෑ..
ලක්සිරි පැරිස් Monday, 25 April 2022 03:09 PM
මෙහේ ඡන්දෙ තිබුණාද කියලා මට සැකයි... මම හිතන්නේ මගේ රටේ වගේ සත්තු නැති නිසා. කිසිම කලබලයක් නැහැ. අපි කවදාද හිනැහෙන්නේ මගේ මේ පුංචි රටේ..?
AB Monday, 25 April 2022 04:33 PM
මැක්රොන්ට වම සහ දකුණ නොව, මැද මාවත තෝරාගැනීම ඔහුගේ ජයග්‍රහණයේ සාර්ථකත්වය වන්නට ඇත.