
රුසියාව සහ උතුරු කොරියාව යා කෙරෙන, ප්‍රථම පාලම උතුරු කොරියානු සහ රුසියන් බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. පාලම ඉදි කර ඇත්තේ ටුමන් නදිය හරහාය. මෙය රුසියාව සහ උතුරු කොරියාව යා කෙරෙන, ප්‍රථම ‘මාර්ග පාලම’ ද වෙයි.
රුසියාව සහ උතුරු කොරියාව එක ළග පිහිටි මිතුරු රාජ්‍යයන්ය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ පවතින්නේ සමීප මෙන්ම ශක්තිමත් මිත්‍රත්වයකි.
රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට සහාය ලබා දෙන්නේ ද උතුරු කොරියාවය. උතුරු කොරියානු සෙබළු, රුසියාවට සහාය දක්වමින්, යුක්රේන සටන් විමේ සිටිති. දෙරට අතර භාණ්ඩ සහ මගී ප්‍රවාහනය පමණක් නොව, සංචාරක කටයුතු ද වඩාත් පහසු කිරීම අරමුණින් මෙම පාලම ඉදි කළ බව පැවැසෙයි.
රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් පාලම විවෘත කිරීමේ උත්සවයට වීඩියෝ තාක්ෂණයෙන් එක් වෙමින් පැවැසුවේ, මෙම නව පාලම දෙරට අතර මිත්‍රත්වයේ නව සංකේතයක් වනු ඇති බවය. පාලම විවෘත කිරීමේ උත්සවයට එක් වෙමින් උතුරු කොරියානු අගමැති පක් තේ සොං ප්‍රකාශ කළේ මෙය ඓතිහාසික අවස්ථාවක් බවය.
රුසියාවේ ‘ටාස්’ පුවත් සේවයට අනුව, පාලම හරහා දිනකට වාහන 300 කට සහ පුද්ගලයින් 2,323 දෙනකුට ගමන් කළ හැකිය. මීට පෙර දෙරට අතර ගුවන් සහ දුම්රිය මාර්ග පැවැති අතර, මෝටර් රථ ගමනාගමනය සඳහා භාවිතා කෙරුණේ දුම්රිය පාලම මත ලෑලි අතුරා සකස් කරන ලද තාවකාලික ක්‍රමයකට යැයි ද පැවැසෙයි. කිලෝමීටරයක් දිගැති මෙම පාලම අසල නව ප්‍රවේශ මාර්ග, සීමාන්තර පරීක්ෂණ සෞඛ්‍ය පහසුකම් සහ රථ ගාල් ද ඉදිකර තිබේ.
මෙම පාලම මුලින්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරන අතර, මේ වසර අගදී මගී ප්‍රවාහනය සඳහා විවෘත කරන බව රුසියානු රජය පවසයි. රුසියාවට උතුරු කොරියානු ආයුධ ප්‍රවාහනය කිරීමට ද මෙම පාලම භාවිතයට ගැනෙනු ඇතැයි බටහිර විශ්ලේෂකයෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd