
ගාසා තීරයේ පලස්තීන කාන්තාවන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඝාතනය කරමින් සිදුවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර වහා නවත්වා, සටන් විරාමයකට යා යුතු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි.
ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවල් සේම ප්‍රංශයේ ද ස්ථාවරය වී ඇත්තේ, හමාස් සංවිධානය ගාසා තීරයෙන් මුලිනුපුටා දැමිය යුතු බවය.
කෙසේ නමුත් දිගින් දිගටම ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම අනුමත කළ නොහැකි යැයි මැක්රොන් පැහැදිලි කරයි. එය කිසිසේත් සාධාරණීකරණය කළනොහැකි බව ද මැක්රොන් අවධාරණය කරයි.
මැක්රොන් මෙසේ අවධාරණය කළේ බීබීසී පුවත් නාළිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායල පලස්තීන ගැටුම සාම මාවතට ගෙනඒමට ඇමෙරිකාවට නොහැක. ඇමෙරිකාව යුද්දයේ කොටස්කරුවකු බවට පත්ව ඇත. එමනිසා යුරෝපීය රටක නායකයකු හෝ නායකයින් මේ සඳහා මැදිහත්වීම වැදගත් මෙන්ම ලෝකයේ බලවත්ම ආයතනය වූ UN එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මන්දගාමී ක්‍රියාකලාපයද මේ අවස්ථාවේම දැඩි ගෝලීය විවේචනයට බඳුන් විය යුතුවේ...!
හමාස් සංවිධානය ඉල්ලගෙන් කෑවෙ සහ කන්නෙ! මොවුන්ව මුලිනුපුට දැමිය යුතුයි . එය තමා එකම විසදුම. ලොකයම දැන් ඊශ්‍රායලය සමගය. ටෙරරිස්ට් වලට දැන් මෙ ලොකයෙ ඉඩක් නැත.