මී මැස්සන් යොදාගෙන පිළිකා රෝගීන් හදුනාගැනීමට හැකි බව පෘතුගීසි ජාතික නිපැයුම් කරුවෙක් වන සුසානා සෝරස් මහත්මිය කියයි. ඇය පවසන්නේ කුටිර දෙකකින් සමන්විත තම නිර්මාණයේ ඇති එක් වීදුරු කුටීරයකට පුහුණු කරන ලද මී මැස්සන් ඇතුළුකරන බවයි. ඉන් පසු එම කුටීරයට පුද්ගලයකුගේ මුඛයෙන් වාතය (ප්‍රාශ්වාස වාතය) ඇතුළුකරවන බවයි.
සෝරස් මහත්මිය පවසන්නේ ප්‍රාශ්වාසය වාතය ඇතුළු කළ විට මී මැස්සන් අනෙක් කුටීරයට ගමන් කරනවානම් අදාල පුද්ගලයාට පිළිකාවක් පවතින බවයි.
ඇය වැඩිදුරටත් මෙසේ පවසන්නීය.
'' මේ මී මැස්සන්ට පුරුදු කරන්න විනාඩි දහයක්වත් ගතවන්නේ නැහැ. මුර බල්ලන්ට වඩා වැඩි ගන්ධ සංවේදීතාවක් මී මැස්සන්ට තිබෙනවා. තව ද මී මැස්සන් හොදින් පුහුණු කළහොත් බෝම්බ සොයන්න පවා යොදා ගත හැකියි. "
ඇය පවසන්නේ සීනි සහිත ද්‍රාවණයක් මී මැස්සන්ට ලබා දීමට පෙර ඔවුන්ට පුහුණු කිරීමට අවශ්‍ය ගන්ධය ආශ්වාස කිරීමට සැලැස්විය යුතු බවයි. ඉන් පසු සීනි ද්‍රාවණය ලබාදුන් විට මී මැස්සා තමන්ට කලින් ලබාදුන් ගන්ධය ජීවිත කාලයම මතකයේ තබා ගන්නා බව ද පර්යේෂකයන් විසින් තහවුරු කරගෙන ඇත. මේ ආකාරයට ගන්ධයන් මතකයේ තබාගන්නා මී මැස්සන් යොදා ගනිමින් පිළිකා, ක්ෂය රෝගය ආදී රෝග හ
දුනාගැනීම සාර්ථකවී ඇතැයි සෝරස් මහත්මිය පවසන්නීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මි මැස්සෝ පුරුදු කරමුකෝ පිලික සොයන්න. ලෙඩේ ඇඟේ තියන් නොදන්නා අය කොච්චර ඇතිද? (අ)
මෙතුමිය සමග නොයෙක් කරුණු කාරනා නිසා එකග වීමට නොහැකී? පිළිකා සම්බන්ද මගේ නිබන්දන ලින්ක් එක පල කිරීමට ලංකා දීපන් සහ පාටක ඔබෙන් අවසර ලබෙවිනම් පලකන්නම්. (අ)
මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න.... මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න (නි)
අපේ දූපතේත් මැස්සන් හරියට ඉන්නවා. හැබැයි උන් පුරුදු වෙලා ඉන්නේ රා බොන්නයි මත්පැන් බොන්නයි. (නි)
දොන්සේතන් ගේ මැස්සෝ ඉන්නේ මොන දුපතේද....?(අ)
රුං.. රුං.. රුං.. රුං.. මී මැස්සෝ... පෙම් මල් රොන් බොන මී මැස්සෝ... (නි)
දුපතද? ආ... ඉන්දියන් සාගරයේ දුපත වෙන්න ඇති (නි)
අප අවට පරිසරයෙන් තව කොයි වගේ දේවල් හොයා ගන්න පුළුවන්කම ඇතිද නේද ? (නදී)
මී මැස්සාගේ එක තටුවක ප්‍රණීත මි පැණි ද, අනෙක් තටුවේ අධික විෂ ද අන්තර්ගතය. (ස)
මී මැස්සෝ ඔබයි මමයි ඔබයි මමයි...මී මැස්සියෝ ලඳුන් තමයි... (නදී)