මීයන් නැමදීම සදහා වෙන්වුනුණු දෙවොලක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රදේශයේ වේ.

‘කාර්නි මාතා දෙවොල‘ ලෙස හැදින්වෙන මෙහි දැනට මීයෝ 20000 ක් පමණ සිටිති.

දිනපතාම මෙම දෙවොල වැඳපුදා ගැනීමට සිය ගණනින් පුද්ගලයින් පැමිණේ.මෙතරම් මිීයන් සංඛ්‍යාවක් සිටියද අතීතයේ සිටම කිසි දිනෙක ඔවුන්ගෙන් පැතිර ගිය රෝගයක් පිළිඹද වාර්තාවක් නොමැති බවත් මෙනිසා ප්‍රදේශවාසීහු මිීයන් දේවත්වයෙන් සළකන බවත් සදහන්ය.

බැතිමත්හු ඇතැම් අවස්ථාවන් වල මිීයන් කා ඉතිරි කරන ආහාරද බුදිති.කුඩා දරුවෝ මිීයන් හා සෙල්ලමේ වැටෙති.

මීයන්ගේ ආවතේව වලට වෙන්වූ පූජක පිරිසක්ද මෙහි සිටීති. මීයන්ට ආහාර සැපයීමේ හා නැමදීමේ කටයුතු අධීක්ෂණය කරනුයේ ඔවුන්ය.