කසකස්ථානයේ අල්මෙට් නුවර කමිලා මුසාබෙකොවාට (69)  කසල ගොඩකින් කාඩ්බොඩ් පෙට්ටියක් හමු විය.එහි බිලිඳෙකි. කමිලා එම දරුවා හදා වඩා ගනිමින් සිටින බව කසකස්ථාන් මාධය වාර්තා කියයි.

මම එතනින් ගමනක් යන්නයි ගියේ. මට බලු පැටියකු කෑ ගහන සද්දයක්  ඇහුණා. ටිකක් විපරම් කරලා බලනකොටයි  ඩෑක්කේ පෙට්ටිය ඇතුළේ  ඉන්න මේ පුංචි පැටියව. ඉක්මනට මම පැටියව රොහලට අරගෙන ගියා.

 වෛද්‍යවරුන් කිව්වේ තව පැය කිහිපයක් දරුවා පෙට්ටිය ඈතුලේ හිටිය නම් ජිවිතය නෑති වෙන බවයි. රොහල් බලධාරින් දරුවගේ මව හෙව්වා. නමුත් හොයා ගන්න බැරි වුණා. මම දරුවව හදා ගන්න ඉල්ලුවා. මගේ වයස වැඩි නිසා දෙන්න බැහැ කිව්වා. නමුත් මම අදහස අතහැරියේ නැහැ. මගේ පුතායි ලේලියි දාලා දරුවා මගේ ගාවට ගත්තා. පැටියා දැන් හොද සනිපෙන් ඉන්නවා. කමිලා මාධ්‍ය හමුව කිවාය.