IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


භූමි කම්පාව ජපානයේ පිහිටීම වෙනස් කරලා

රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් සහ ඉන්පසු හටගත් අතුරු භූමි කම්පාවලින් පසු ජපානයේ පිහිටීම වෙනස් වී ඇතැයි එරට භූ විද්‍යාඥයෝ පවසති.

භූ විද්‍යාඥයන්ට අනුව, ජපාන භූමියේ පිහිටීම මීටර් 4 කින් ඉහළට එසවී ඇති බවත්, මීටරයකින් බටහිර දෙසට තල්ලු වී ඇති බවත් පැවැසෙයි. ජපානය ප්‍රධාන දූපත්වලින් සහ කුඩා දූපත්වලින් සැදුම්ලත් දූපත් රාජ්‍යයකි.

භූ විද්‍යාඥයන් මේ බව පැවැසුවේ, ඔවුන් ලබා ගත් දත්ත සහ චන්ද්‍රිකා ඡායාරූප පාදක කර ගනිමිණි. රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් පසු අතුරු භූමි කම්පා 155 ක් ජපානය කැලැඹූ බව එරට භූ විද්‍යාඥයෝ පවසති.

ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් ජපානය කැලැඹුණේ පසුගිය පළමු වැනිදා සවසය. භූමි කම්පාවෙන් මියගිය ගණන 78 කි. නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වී අතුරුදන් වූ ගණන 50 කි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව පැවැසෙයි. භූමි කම්පාවෙන් තුවාල ලැබූ ගණන 330 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

භූමි කම්පාව ජපානයේ පිහිටීම වෙනස් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 95 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site