වතුර බැස යන කාණුවක දමා ගොස් සිටි දවස් දෙකක් වයසැති බිළිදෙකු බේරා ගැනීමට ස්පාඤ්ඤ ගිනි නිවන භටයෝ පිරිසක් සමත් වුහ.

කිලෝ ග්‍රෑම් දෙකක් පමණ වන පිරිමි දරුවකු පෙකිණිවැලත් සහිතව හුස්ම ගැනීම ස`දහා එක් සිදුරක් පමණක් ඇති පොලිතින් බෑගයක දමා මෙසේ විසිකර දමා ඇත.

අසල්වැසි කාන්තාවකට බළලකු කෑ ගසන වැනි හඩක් ඇසී පොලීසියට කළ පැමිණිල්ලක් අනුව බිළිදා සොයා ගැනීමට හැකි විය.

පැය 40ක් පමණ කාණුවෙහි සිටි බිළිදා සොයා ගැනීමෙන් පසු අතක් කැඞී තුවාල සිදු වී තිබිණ. ඔවුහු බිළිදා වහා රෝහල වෙත රැගෙන ගියහ.

පෙරදා රාති‍්‍රයෙහි බිළිදාගේ සෞඛ්‍ය තත්වය බරපතල වුවද දැන් සුව අතට හැරමින් තිබෙන බව සදහන්ය.

බිළිදාගේ මව (26) ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබේ. ප‍්‍රශ්න කිරීම් වලදී ගබ්සාවක් කර ගැනීමට අවශ්‍ය තරම් මුදල් නොමැති වූ බවද ඇය සදහන් කර ඇත.

පශ්චාත් ප‍්‍රසූති හදීසි අනතුරු ඒකකයේ මවත් දරුවාත් දැනට ප‍්‍රතිකාර ලබමින් සිටීති.