IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බෙහෙත් නිසා රෝගී වෙයි ?

යුරෝපයේ වැඩියෙන්ම  ඖෂධ ගන්නා වැසියන් සිටිනා රටවල් අතර බ්‍රිතාන්‍යය පෙරමුණට පත්ව ඇත.  සෑම අටදෙනෙකුගෙන් එක් අයෙක් ම තම ශරීරයේ ඇති අහිතකර  කොලෙස්ටරෝල් අඩුකර ගැනිමට පෙති පාවිචිචි කරති. එක් අයෙක් මේ සඳහා දිනකට පැන්ස 10 ක් වැයකරයි. වෙද්‍යවරුන් ප්‍රකාශ මිනිසුන්ගේ ස්ථූලතාව වැඩිවීම මීට හේතුවක් බවයි.

මෙම ඖෂධ ගැනීම හේතුවෙන් හෘදයාබාධ සහ ආඝාතය වැනි රෝග තත්වයන් වළක්වාලයි. ලක්ෂ 80ක පමණ පිරිසක් මේ ඖෂධ භාවිතා කරන බව ද වාර්තාවේ.  අදින් වසර 10ට පෙර මෙලෙස ඖෂධ භාවිතා කළ බ්‍රිතාන්‍ය වැසියන් ප්‍රමාණය ලක්ෂ 50කි.

වෛද්‍යවරු පවසන්නේ මේ රෝගීන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පෙළඹවීමෙන් ඖෂධ භාවිතය අඩුකළ යුතු බවයි. කොලෙස්ටරෝල් නැසීම සඳහා වැඩිම ඖෂධ ප්‍රමාණයක් ගන්නා යුරෝපයේ රටවල් අතර ද බ්‍රිතාන්‍යය දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ආර්ථික සහයෝගීතා සහ සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ දත්තවලට අනුව මෙම ඖෂධ ගන්නා කාර්මික රටවල් 23 අතරින් පළමු ස්ථානයට පත්ව ඇත්තේ ඕස්ට්‍රියාවයි.

කොලෙස්ටරෝල් නැතිකිරීමේ ඖෂධ ලබාගැනීම හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ නිසා ඕස්ට්‍රියාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍යවරුන්ට හොඳ ආදායම් මාර්ග මතුවී ඇතැයි ද  එම වාර්තාව පෙන්වාදෙයි. එවැනි ඖෂධ ගන්නා සෑම පස් දෙනකුගෙන් ම එක් අයෙක් අතුරු අබාධවලට ලක්ව සිටියි.

මාංෂපේශි වේදනාව,මතක ශක්තිය පිලිබඳ ගැටළු, ඇසේ සුද ඒම සහ දියවැඩියා තත්ත්වයට ඔවුහු ගොදුරැවෙති. එක් අධ්‍යනයකට අනුව යුරෝපයේ ස්ථූලතාවයෙන් වැඩිම ජාතිය බවට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෝය. එහි වැඩිහිටියන්ගෙන් සියයට 24.8 ක් තරබාරැ අය වෙති.

ජාතික තරබාරැ සංසදයේ ටැමි ෆරයි පවසන්නේ වෙද්‍යවරැන් මෙම ඖෂධ එකවරම නියමකරණු ලබන්නේ රෝගීන්ගේ පුරුදු වෙනස් කරනවාට වඩා ඖෂධ නියම කිරීම පහසුවීම හේතුවෙන් බවයි. නමුත් ජීවන ක්‍රමය පිලිබඳ උපදෙස් වඩා දිරිගන්වන මාවතකට යොමුවිය යුතු බව ද ෆරයි මහතා පෙන්වාදෙයි. එම ක්‍රමය වියදමි සහිත ක්‍රමයක් ද නොවේ.  ඖෂධ ගැනීමේදී අතුරැ ආබාධ පවති. ඖෂධ වල ප්‍රතිඵලය ක්ෂණික හා සාර්ථකයයි පෙනෙන හෙයින් වෛද්‍යවරු බෙහෙත් වට්ටෝරුව ලියා දෙති.



අදහස් (0)

බෙහෙත් නිසා රෝගී වෙයි ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 74 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site