බස් සේවකයින් වැඩ වර්ජනයක් ඇරැඹීම නිසා බස් ධාවනය හමුදාව වෙත භාරදීමට ඊජිප්තු බලධාරීහු කටයුතු කර ඇත්තාහ.
මේ අනුව කයිරෝ අගනුවර බස්රථ ධාවන කටයුතු මේ දිනවල සිදුවනුයේ හමුදා භටයින් අතිනි.වාර්තා වන ආකාරයට බස් රථ සේවකයෝ ලක්ෂයක් පමණ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින්නෝය.
බස් රථ සේවකයින්ගේ වර්ජනයට හේතුව ලෙස දැක්වෙන්නේ වැටුප් තල ඉහළ දැමිීමට රජය අපොහොසත් වීමයි.රජයේ ඇතැම් සේවකයින්ට පමණක් බලපැවැත්වෙන පරිදි කි්‍රයාත්මක වැටුප් සංශෝධනයන් මුලූ රටේම රජයේ මෙන්ම පෞද්ගලියක සේවකයින්ට බලපැවැත්වෙන පරිදි වෙනස් කළ යුතුව ඇතැයි වර්ජකයෝ පවසන්නෝය.
ඉදිරියේදී වෛද්‍ය ඇතුලූ ක්ෂේත්‍ර රැසක සේවා නියුක්තිකයින් වැඩ වැරීමට සූදානමින් සිටින්නේයැයි සදහන්ය.
සේවකයින් කියනා ලෙසට වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නැතැයි පවසන රජය රටේ ආර්ථීකයට හානියක් නොකර එසේ කළ නොහැකියැයි කියන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd