බස් සේවකයින් වැඩ වර්ජනයක් ඇරැඹීම නිසා බස් ධාවනය හමුදාව වෙත භාරදීමට ඊජිප්තු බලධාරීහු කටයුතු කර ඇත්තාහ.
මේ අනුව කයිරෝ අගනුවර බස්රථ ධාවන කටයුතු මේ දිනවල සිදුවනුයේ හමුදා භටයින් අතිනි.වාර්තා වන ආකාරයට බස් රථ සේවකයෝ ලක්ෂයක් පමණ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින්නෝය.
බස් රථ සේවකයින්ගේ වර්ජනයට හේතුව ලෙස දැක්වෙන්නේ වැටුප් තල ඉහළ දැමිීමට රජය අපොහොසත් වීමයි.රජයේ ඇතැම් සේවකයින්ට පමණක් බලපැවැත්වෙන පරිදි කි්‍රයාත්මක වැටුප් සංශෝධනයන් මුලූ රටේම රජයේ මෙන්ම පෞද්ගලියක සේවකයින්ට බලපැවැත්වෙන පරිදි වෙනස් කළ යුතුව ඇතැයි වර්ජකයෝ පවසන්නෝය.
ඉදිරියේදී වෛද්‍ය ඇතුලූ ක්ෂේත්‍ර රැසක සේවා නියුක්තිකයින් වැඩ වැරීමට සූදානමින් සිටින්නේයැයි සදහන්ය.
සේවකයින් කියනා ලෙසට වැටුප් වැඩි කිරීමේ හැකියාවක් නැතැයි පවසන රජය රටේ ආර්ථීකයට හානියක් නොකර එසේ කළ නොහැකියැයි කියන්නේය.
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බස් සේවකයෝ වැඩ වරති