තම සුරතල් බල්ලාට කසයකින් පහර දෙමින් පාර දිගේ ඇදගෙන ගිය මෙක්සිකෝ ජාතිකයෙකුට සුරතලාම පාඩමක් ඉගැන්වීය.

පහර දීම දැන් නතර වේයැයි දැන් නතර වේයැයි ඉවසා සිටි බලූ සුරතලා අවසානයේ තම කරපටිය අල්ලාගෙන සිටි ස්වාමියා   ඇද බිමට පෙරළා දැමිීය.

ස්වාමියා පදික වේදිකාව මත මුනින් තලාව වැටුණේ කපාහෙලු ගසක් පරිද්දෙනි.

නැගිටගත් ස්වාමියා තම සුරතලා තමාගෙන් මිදී පලා යනු බලා සිටියේය.

මේ සියල්ල අසළවූ ආරක්ෂක කැමරාවක සටහන් විය.