බි‍්‍රතාන්‍ය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දී රාජ්‍ය තොරතුරු ලබා ගත් බවට චෝදනා එල්ල වූ එරට ‘ද සන්’ පුවත්පතේ මාධ්‍යවේදීහු පස් දෙනෙක් පෙරේදා (11) පොලිස් අත්අඩංගුවට පත්වූහ. මාධ්‍යවේදීන්ගෙන් අල්ලස් ගෙන රාජ්‍ය තොරතුරු ලබා දුන්නේ යැයි බි‍්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු සහ පොලිස් නිලධාරියකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් පස්දෙනා අතර පුවත් පතේ නියෝජ්‍ය කර්තෘවරයා ද සිටියි. එම අත්අඩංගුවට ගැනීම් බාධාවක් කර නොගෙන පුවත්පත දිගටම මුද්‍රණය කරන බව ‘ද සන්’ පුවත්පත අයත් ‘නිවුස් ඉන්ටර්නැෂනල්’ ආයතනයේ හිමිකරු රූපට් මර්ඩොක් පවසයි. ප‍්‍රවෘත්ති මූලාශ‍්‍ර ලබා ගැනීමේ අරමුණින් බි‍්‍රතාන්‍ය වැසියන්ගේ දුරකතන සංවාදවලට හොරෙන් කන්දුන් බවට චෝදනා එල්ල වීමෙන් පසු ඉකුත් ජූලි මාසයේ වසා දැමුණු ‘නිවුස් ඔෆ් ද වර්ල්ඩ’ ටැබ්ලොයිඞ් පුවත්පතේ හිමිකරු ද රූපට් මර්ඩොක්ය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බි‍්‍රතාන්‍ය ‘සන්’ පුවත්පතේ මාධ්‍යවේදීහු 5 ක් අත්අඩංගුවේ