IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බොරු ලේ හදයි

මිනිස් රුධිරය කෘත්‍රිමව නිපදවීමට බ්‍රිතාන්‍යයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

රුධිරයේ ප්‍රධාන සංඝටකය වන්නේ රතු රුධිරානු වේ. ඉතිරිය සමන්විත වන්නේ සුදු රුධිරාණු වලින්,රුධිර ප්ලාස්මාවෙන් හා එහි ඇති රුධිර ප්‍රෝටින හා ලවණ වලිනි.

මෙම විද්‍යාඥයින් පිරිස කර ඇත්තේ එම ප්‍රධාන සංඝටකය වන රතුරුධිරාණු නිපදවාගැනීමයි.

මිනිස් සිරුරේ සෛල වලට ඔක්සිජන් ‘ප්‍රවාහන‘ කාර්යය භාරව කටයුතු කරනුයේ මෙම රතුරුධිරාණුය.

සිරුරේ රතුරුධිරාණු ඉබේම ජනනය වන අතර එම ජනනය කිරීමට මිනිස් පටක වල පිහිටන කුඹ සෛල නම් සෛල වර්ගයක් උපකාරී වේ.මේ අනුව පරීක්ෂණය ආරම්භ කර ඇති විද්‍යාඥ පිරිස මුලින් කුඹ සෛල නිපදවා පසුව ඒවා ආධාරයෙන් රතුරුධිරාණු නිපදවා ගැනීමට සමත්ව ඇත.

කුඝ සෛල සියල්ලම රතුරුධිරාණු බවට පත්වන්නේ නොමැති හෙයින් කුඹ ෙසෙල 100 ක් ගතහොත් ඉන් 50 ක් පමණ රතුරුධිරාණු බවට පත්වීමේ සම්භාවිතාවක් තිඛෙන බව ඔවුහු කියති.

2016 වසරේදී මිනිස් සිරුරකට මෙම කෘතිමව නිපදවා ගත් රුධිරය පාරවිලයනය කර අත්හදා බැලීමට ඔවුන් අපේක්ෂාවෙන් සිටී.

පරීක්ෂණය සාර්ථක වන්නේ නම් දැනට සිදුවන රුධිරය දන් දීමේ කටයුතු වලට හා එම රුධිරය කල් තබා ගැනීමට ගතයුතු පියවරයන්ට වැය කළ යුතු වන අතිවිශාල මුදල් සම්භාරයක් ඉතිරිකර ගත හැකි වනු ඇතැයි සදහන්ය.

කෘත්‍රිම රුධිරයේ සෞඛ්‍යමය ප්‍රතිලාභද ඇති බව පර්යේෂක පිරිස කියති.

සාමාන්‍යයෙන් රුධිර ෙසෙලයක ආයු කාලය දින 100 ක් පමණ වේ.නමුත් මිනිස් සිරුර එහි දුවන රුධිර ෙසෙලයන් දින 100 ක් ගත කර මියගිය පසු නැවත නව ෙසෙල තොගයක් නිපදවෙන ආකාරයට සකස් වී නොමැති හෙයින් මිනිස් සිරුරේ දුවන රුධිර ෙසෙල විවිධ ආයු කාලයන්ගෙන් වන ඒවා බව ඔවුන් පෙන්වා දේ.ඇතැම් ඒවා දිනක් හෝ දෙකක් වයස වෙද්දී තවත් ඒවා දින 98 ක් හෝ 99 වයසැති ඒවා විය හැක.

පාරවිලයනයේදී ග්‍රාහකයාට ලැඛෙන්නේ මේ අලූත් හා පරණ රුධිර ෙසෙලයන්ගේ කළවමකි.මෙනිසා ග්‍රාහකයාට ලැබිය යුතු වන නිසි ප්‍රයෝජනය ඇතැම් අවස්ථාවන්හි නොලැබී යන බව පර්යේෂක පිරිස කියති.

නමුත් කෘතිම රුධිරයේදී සියලූම ෙසෙල එකවර නිපදවා ඇති හෙයින් පාරවිලයනයේදී ලැඛෙන්නේ අලූත්ම අලූත් රුධිරය යැයි ඔවුහු පවසති.මෙනිසා ග්‍රාහකයාට ඉහළ ප්‍රතිලාභ අත්වනු ඇතැයි ඔවුහු කියති.



අදහස් (0)

බොරු ලේ හදයි

සේරම් Monday, 21 April 2014 05:43 PM

නමුත් සොබාදහමේ අභියෝග ජයගන්න සොබාදහමට අභියෝග කරන මිනිස්සුත් ඔය කම්මැලි මිනිස්සු අතර ඉන්නවා. එහෙම මිනිස්සු ලෝකයේ මිනිස් හිත්වල සදාකාලිකව ජීවත් වෙනවා. (නි)

:       0       0

චන්න Monday, 21 April 2014 06:32 PM

කිර්ති පතිරජාගේ අදහස හරි. නමුත් මෙවැනි දේ කිරීම ස්වබාව ධර්මයට පිටින් යාමක් නොවේ, මෙය මිනිසාට හිතකර දෙයක්. (නදී)

:       0       0

කීර්ති පතිරාජ Monday, 21 April 2014 08:45 AM

කව්රුන් හෝ ස්වභාවධර්මයට පිටින් යයි නම් ඔහු විනාශ වෙයි.(නදී)

:       0       0

සිල්වා Monday, 21 April 2014 02:23 PM

කීර්ති පතිරාජ, ඔයා තාම ඉන්නේ ගල් යුගයේ නේද ? (ස)

:       0       0

ශානක Monday, 21 April 2014 03:10 PM

නෑ..කීර්ති පතිරාජ හරියටම හරි..කවුරුන් හෝ ස්වභාව ධර්මයට පිටින් යයි නම් ඔහු විනාශ වෙයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site