(විමුක්ති එස් රුද්‍රිගු)
නිතර නිතර දිව පටලවා ගන්නා ඇමෙරිකානු ජනාධිපති බයිඩන් පසුගියදා නේටෝ සමුළුව අවසානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් කියා ඇමතීම පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු වූවේය.
එසේම නේටෝ සමුළුවේදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලෙස හඳුන්වාදී එය ඉක්මණින් නිවැරදි කර ගැනීම සම්බන්ධයෙන්ද කාගේත් කතා බහට ලක්ව ඇත.
ඇමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස්ට උප ජනාධිපති ට්‍රම්ප් ලෙස ඇමතීම සම්බන්ධයෙන් බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා දැඩිව උපහාසයට ලක් කර තිබිණි. එසේම නේටෝ සමුළුවේදී යුක්රේන ජනාධිපතිවරයාව රුසියානු ජනාධිපතිවරයා ලෙස හඳුන්වා දීම හේතුවෙන් මේ වනවිට ජනාධිපති ජෝ බයිඩන්ගේ මානසික සෞඛ්‍ය තත්වය පිළිබඳව බරපතළ ගැටළුවක් මතුව තිබෙන බවද දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
පසුගියදා වොෂින්ටන් නුවර පැවැති 75 වැනි නේටෝ සමුළුවට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නායකත්වය ලබා දුන්නේය.ඉන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා පවසා සිටියේ තමන් කිසිම විටකත් ජනාධිපතිවරණයෙන් ඉවත් නොවන බවත් වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නම් තමන් නිරෝගීව සිටින බවට පෙන්වා දීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට වුවත් පෙනී සිටීමට තමන් සූදානම් බවත්ය.
දෙවැනි වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ තමන් ආරම්භ කළ දේවල්වල අවසානයක් දැකීමට බවත් තමා වෙනුවෙන් කිසිම විටකත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.
පහතින් දැක්වෙන්නේ බයිඩන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරද්දී සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් පළ කළ සටහනකි.
(Sky News)
2025 ඔක්තෝබර් මස 08
1588
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බයිඩන් සෙලෙන්ස්කීට පුටින් කියයි
CNN Friday, 12 July 2024 03:03 PM
මෙයාගේ බොත්තම් එබිල්ලත් මෙහෙම වැරැදිලා ගිහින් අර න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කරන බොත්තමත් වැරැදිලා එබුවොත් ලෝකෙටම බඩුම තමයි...
රුවන් Friday, 12 July 2024 03:16 PM
හැමෝටම එහෙම තමයි වයසට යනකොට. මෙයා ජනපති වෙද්දි 76. අවුරුදු දෙකක් හොඳට හිටියා . පස්සෙ අවුල් ගියා. ඒක නිසා අවුරුදු 75 සීයා කෙනෙක් ජනපති කරන්න කලින් සිය පාරක් හිතන්න. ඕගොල්ලන්ගෙ සීයව ඔගොල්ලො තනියම කඩේටවත් යවනවද?