මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණු කිරීමේ අරමුණ ඇතිව දේශසීමා හරහා හොර රහසේ පාකිස්තානයට රැගෙන යමින් සිටි කුඩා දරුවන් 41 දෙනකු ඉස්ලාමීය සටන්කාමීන්ගේ ග‍්‍රහණයෙන් මුදා ගැනීමට ඇෆ්ගන් පොලිසිය සමත් විය. ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශක සෙඩික් සෙඞීකී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙරේදා (21) කියා සිටියේ වයස අවුරුදු 6 ත් 11 ත් අතර දරුවන් එම පිරිස අතර සිටි බවය. එම පිරිස සටන්කාමීන්ගෙන් බේරා ගැනීමට ඇෆ්ගන් පොලිසියට හැකියාව ලැබී ඇත්තේ නැගෙනහිර කුනාර් පළාතේදීය. පාකිස්තානයට ගෙන ගොස් අධ්‍යාපන වැඩමුළුවකට සහභාගී කරනවා යැයි බොරු කියා එම දරුවන් ඔවුන්ගේ මා පියන්ගෙන් රැගෙන ගොස් ඇති බවත් පාකිස්තානයට ගෙන ගොස් ඇෆ්ගනිස්තානයේ විදෙස් හමුදා ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමට ඔවුන් පොළොඹවා ගැනීමට සටන්කාමීන් කටයුතු කර තිබුණු බවත් අනාවරණය විය. බේරා ගත් දරුදැරියන් ඔවුන්ගේ පවුල්වලට බාර දීමට ද පොලිසිය කටයුතු කළ බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි. අල් කයිඩා, තලේබාන් ඇතුළු ඉස්ලාමීය සටන්කාමීන් ත‍්‍රස්ත පුහුණුව ලබන්නේ පාකිස්තානයේ දී බවටත් පාකිස්තානයේ කි‍්‍රයාත්මක ඉස්ලාමීය සටන්කාමී සංවිධානවල සහාය ඔවුන්ට ලැබෙන බවටත් ඇෆ්ගන් රජය චෝදනා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බෝම්බකරුවන් ලෙස පුහුණු කරන්න රැගෙන ගිය දරුවෝ 41 ක් මුදා ගැනෙති