IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බෙනාසීර්ගේ පුතා පාකිස්තානයේ විදෙස් ඇමැති

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වූ බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ, එරට නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පිහිටුවූ රජයේ විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මැතිවරණ රැළියකදී බෙනාසීර් බූතෝ මරාගෙන මැරෙන බෝම්බයකට බිලිවූයේ 2007 වසරේදීය.

ඉන්පසු පාකිස්තානයේ ජනාධිපති ධුරයට පත් වූ අසාෆ් අලී සර්දාරි, බෙනාසීර්ගේ සැමියා මෙන්ම බිලාවිල්ගේ පියා ද වෙයි. විදෙස් අධ්‍යාපනය ලබමින් සිටි බිලාවිල් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට කටයුතු කළේ සර්දාරිය.

33 හැවිරිදි බිලාවිල් බූතෝ, නව විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පාකිස්තානයේ වත්මන් ජනාධිපති අරීෆ් අල්වී ඉදිරියේය. ඒ, ජනාධිපති මන්දිරයේ පැවැති චාම් උත්සවයකදීය. එම අවස්ථාවට සර්දාරි ඇතුළු, පාකිස්තාන ජනතා පක්ෂයේ බොහෝ දෙනෙක් ද එක් වූහ.

බිලාවිල් බූතෝ, පාකිස්තාන ජනතා පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. බිලාවිල් බූතෝ ට රජයේ ඉහළ ධුරයක් හිමිවුණු පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. බිලාවිල් බූතෝ පළමු වරට පාකිස්තාන ජාතික මන්ත්‍රණ සභාවට තේරී පත් වූයේ 2018 වසරේදීය.

ඉම්රාන් ඛාන්ගේ රජය පවතිද්දී විපක්ෂ සන්ධානය ලෙස බිලාවිල් බූතෝගේ ජනතා පක්ෂයත්, ෂෙහ්බාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂයත් අත්වැල් බැඳගෙන කටයුතු කළේය. ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වූයේ ඒ අනුවය.

විපක්ෂ නායක ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ් පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අතර, නව ඇමැති මණ්ඩලයට, පාකිස්තාන ජනතා පක්ෂ නියෝජිතයන් ද සම්බන්ධ කර ගැනීමට ෂෙහ්බාස් ෂරීෆ් ට සිදුවිය. බිලාවිල් බූතෝ ට විදේශ ඇමැති ධුරය හිමි වූයේ ඒ අනුවය. ෂෙහ්බාස් ෂරීෆ් යනු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. නවාස් ෂරීෆ්ගේ දියණිය මීරියම් මුස්ලිම් ලීගය එන් පක්ෂයේ සභාපතිවරිය ලෙස කටයුතු කරන්නීය.

නව විදේශ අමාත්‍යවරයා ලෙස බිලාවිල් බූතෝ අභියෝග රැසකට මුහුණ දීමට සිදුවෙයි. ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීම ඒ අතරින් ප්‍රධාන වෙයි.

ධුරයෙන් නෙරපා දැමුණු ඉම්රාන් ඛාන් දිගින් දිගටම චෝදනා කර ඇත්තේ තමන් ධුරයෙන් නෙරපා දැමීමට විපක්ෂ සන්ධානයට ඇමෙරිකාවෙන් මුදල් ලැබුණු බවය. නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් එය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. එම චෝදනා ඔප්පු කළ හැකි නම් තමන් වහා ධුරයෙන් ඉවත් වෙනවා යැයි ද ෂෙහ්බාස් ෂරීෆ් පවසා ඇත.

ඊට අමතරව යුක්රේනය සමඟ යුද්ධයකට පැටැළී සිටින රුසියාව සමඟත් චීනය සමඟත් අසල්වැසි ඉන්දියාව සමඟත් 'සුදුසු පරිදි' කටයුතු කිරීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

බෙනාසීර්ගේ පුතා පාකිස්තානයේ විදෙස් ඇමැති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site